"වාහ්..සුවද.."තේහියොන් දුම් දාන රාමේන් කප් එකට උඩින් මූණ අල්ලන ගමන් කිව්වා..ජිමිනුත් යන්තමට හිනාවෙලා මේසෙන් වාඩි ‌වුණේ වතුර එකකුත් අතේ තියාගෙන..එක හුස්මට වතුර වීදුරුව හිස්කරන ජිමින් දිහා තේහියොන් ටිකක් වෙලා සද්ද නැතුවම බලාගෙන හිටියා..

"ජිමිනා.."තේහියොන් කතා කරා..

"ම්ම්.."ජිමින් උත්තර දුන්නෙ හිමින්..

"උඹ මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?"තේහියොන් අහද්දි ජන්ග්කුක්ත් කකා හිටිය කෑම එක පැත්තකින් තියලා ‌ජිමින්ගෙ උත්තරේ ලැබෙනකම් බලාගෙන හිටියා..

"ඇයි එහෙම ඇහුවෙ?"ජිමින් ඇහුවා..

"උඹ හිතන්නෙ අවුරුදු තුනක් තිස්සෙ අපිත් එක්ක ජීවත් වුණ උඹේ වෙනස අපිට තේරෙන්නෙ නෑ කියලද?"තේහියොන් කියද්දි ජිමින් බිම බලාගත්තා..ඇත්තනෙ..ජිමින්ට වුණත් තේරෙනවා ඒ ගැන..

"අහන්න තේහියොන්..මට ඉන්නෙ උඹලා දෙන්නනෙ..මං හැම දෙයක් ගැනම උඹලාට කියන්නම්..අනිවාර්යෙන්ම..මං නොකිව්වත් උඹලා ඒ ගැන දැන ගනියි..ඒත් දැන්ම නෙමෙයි..හරි වෙලාව ආවම මං කියන්නම්.."ජිමින් කිව්වෙ පුංචි හිනාවක් මූණෙ රදවගෙන..තේහියොන් ලොකු හුස්මක් හෙලලා ජිමින් දිහා බලාගෙන හිටියා..

"උඹලට මං වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්ද?"ජිමින් ආයෙත් ඇහුවා..

"ඒ මොකක්ද?"ජන්ග්කුක් ඇහුවෙ කොල්ලා දිහා උනන්දුවෙන් බලන ගමන්..

"මං මොන වැරැද්දක් කරත්..මට සමාව දෙන්න පුළුවන් නේද?ම්ම්?"කොල්ලා අහද්දි තේහියොන් ජන්ග්කුක් ජිමින් ගාවට ගිහින් වාඩිවෙලා හිටිය කොල්ලව බදාගත්තා..

"ජිමිනා..මේ අහපන්..අපි දන්නවා උඹ ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක..අපි උඹට බලකරන්නෙ නෑ..කැමති දවසක කියපන් අපිට ඒ ගැන..අපි උඹට හැමදාම සමාව දෙන්නම්.."ජන්ග්කුක් කියද්දි ජිමින් කොල්ලා දිහා බලලා හරි අහිංසක විදිහට හිනාවුුුණා..

"කුමාවෝ.."ජිමින් යන්තමට කියද්දි කොල්ලො දෙන්නා ආයෙත් පාරක් ජිමින්ව තද කරලා බදාගත්තා..

මොකක්ද පාර්ක් ජිමින් මේ තරමටම විදවන ප්‍රශ්නෙ?ඇයි කාටවත් ඒ ගැන නොකියන්නෙ?මොකක්ද ජිමින්ගෙ හැංගුණ ප්‍රශ්නෙ?හැමදේටම උත්තර කාලය හොයලා දෙයි..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now