"තමුන් මොකද හිනා වෙන්නෙ. දැන් මෙච්චර වෙලා වහල උඩ යන්න කෑ ගගහ අඬ අඬ නේද හිටියෙ. ඇත්තමයි මේ ගෑනු නම්ම්ම්ම්.... කාලගුනේටත් වඩා හපන්"

"එකඟයි"

"අනේ උබේ එකඟත්වෙ බර්ගර් එකක් මැද්දෙන් තියලා කාපං. ආ ඕන්නම් මේ බිංකුන්ඩත් අයිනකින් තියාගනින්"

කුකී ඇඟිල්ලක් ජිමින්ගෙ මූන දිහාවට දික් කරලා කිව්වම ජිමින් කුකීගෙ ඒ අතට ගහලා අතේ තිබ්බ කුනු කෑල්ලත් කුකීගෙ මූනට විසි කරලා කිචන් කවුන්ටර් එක උඩ තිබුන පෑන්කේක් ප්ලේට් එක ලඟට ගියා

"ම්ම්ම්ම්ම්...... ඔය තියෙන්නෙ රස නහර පිනා ගිහිල්ලා බ්ලඩ් ප්‍රෙශර් එක නගින්නම... කුකියා බොරු නම් කාලා බලපං මේ..."

ජිමින් මේපල් සිරප් වලින් නාවපු පෑන්කේක් කෑල්ලක් කන ගමන් මහ සද්දෙන් ඒකෙ රස විඳිනවා. ඒ අස්සෙන් කුකීටත් කවන්න යනවා

"ආපෝව්ව්ව්... අඩු වයසෙන් කූරියා ගහන්න බෑ හ්‍යුන්ග්. එන්න නූනා අපි දෙන්නා මොනාහරි ඕඩර් කරගමු. එයාට එයාගෙ පෑන්කේක් කාලා ඉතුරු වෙන ඒව දවල්ටයි රෑටයිත් රත් කරගෙන කන්න කියන්න"

ජිමින් එක පාර කාරනා දෙක තුනකටම පුදුම වෙලා කටත් ඇරන් බලන් ඉන්නවා. එකක් කුකී ඕරාගෙ අතින් ඇදන් ගිය එක. තව එකක් එයාට තුන්වේලටම එයාගෙ පෑන්කේක් කන්න වෙන එක ගැන එයා නිකමට වගේ හිතලා බලපු එක. අනික කුකී ඇදන් යද්දි ඕරාත් ඒ ගැම්මෙන්ම ඇදිලා කුකී පස්සෙන් ගිය එක. ඊටත් හපන් කෙල්ල ඇදීගෙන යද්දි ජිමින්ට දාපු හිනාව. ජිමින්ට එවලෙ හිතුනෙ පෑන්කේක් එක උගුරෙ හිර කරගෙන ඊට උඩින් මේපල් සිරප් එකත් හලාගෙන කූඹින්ට කියලා කව්වගෙන මැරෙන්න

"ඒයි ඔය මගේ කෙල්ල. අතෑරපං"

ජිමින් අතේ තිබ්බ පෑන්කේක් එකත් ඩස්ට්බින් එකට අතෑරලා අඩියට දෙකට ගිහින් ඕරාගෙ අතින් ඇදලා කෙල්ලගෙ ඉන වටෙන් අතදාලා ඇඟට තද කරගත්තා

"හරි ඉතින් කවුද නෑ කිව්වෙ"

"මුගෙ ඝනකම යකෝ"

"හුම්ම්ම් මේ..."

ජිමින් ඇහි බැමක් උස්සලා කියද්දි කුකී එයාගෙ අතක් උස්සලා ඒ හැඩිදැඩි අතේ muscles පෙන්නුවා. හුම්ම්ම්ම් ඒවා ගොඩක් ඝනකම්......🙂 ජිමින්ට ඒක දැකලා ලොකු කෙල ගුලියකුත් ගිලුනා

The Boss [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now