Episode 15 💜️

Start from the beginning
                                    

🥀 " මගෙ ඔප්පා........... මොකද මැනික තාම ඕම ඉන්නේ........... නැගිටින්නකො අනේ ....."

යූරගෙ ඒ වචන ටික ඇතුළෙ ලොකු දුකක් වගේම..... ලොකුම ලොකු ආදරයක් පිරිලා තිබුනා........
එයාගෙ ඒ වචන ඇහෙද්දි මගෙ ඇස්වලට කඳුළු ආවෙ ඒ ආදරේ මට ලැබුනෙ නැත්තෙ ඇයි කියලා මගෙ හිත ප්‍රශ්න කරද්දී.....

මං මගේ කඳුළු හංගගෙන යූරා ගාවට ගියේ මගෙ චූටි කෙල්ල අඩනවා මට තවත් බලාගෙන ඉන්න බැරි නිසා.......

මං ගිහින් එයාගෙ ඔළුව අතගාලා අඩන්ම එපා කියලා සැනසුවා.......

මං ඒම කරාට පස්සෙ එයා මගෙ මූණ දිහේ බලලා " ඇයි ඉතිං ඔප්පා අඩන්නෙ" කියලා ඇහුවෙ මගෙ ඇස්වල කඳුළු දැකලද කොහෙද......

මමත් කෝමහරි " ඊයෙ රෑ ඉඳන් හිටියෙ මෙතනනෙ..... නිදි මරපු නිසාද කොහෙද ඇස්වලින් නිකන්ම කඳුළු එනව" කියලා ගැටගහලා ගැටගහලා බොරුවක් කිව්වා......

ඒත් එක්කම යුන්ගි නැගිට්ටා........





( යුන්ගි නැගිට්ටට පස්සෙ වුන දේවල් දන්නවනේ....... මතක නැත්නම් කලින් Episode එකේ බලන්න...... 😔 කම්මැලියි අනේ Type කරන්න....... නම්ජුන් Woad එකෙන් එළියට යන්න කලින් වුන ටික හරිද ? 😊❤️ )

ඒ දෙන්නගෙ දිහේ බලාගෙන මෙතනට වෙලා තව එක මොහොතක්වත් මට ඉන්න ඕනෙ වුනේ නෑ....... මට නෙවෙයි මගෙ හිතට.

' නම්ජුන් තවත් නම් මට මේවා ඉවසගෙන ඉන්න බෑ ........ අනේ දැන්ම මෙතනින් යමු ........ තව ටිකක් මෙතන හිටියොත් ඔයාගෙ කඳුළු පාලනය කරගෙන ඉන්න මට බැරි වෙයි..😫😭

මගෙ හිත මටම ඒම කියද්දි ...... මම එයාලට චූටි විහිලුවකුත් කරලා එළියට ආවෙ මගේ ඇස්වලින් කඳුළු එන්න ඔන්න මෙන්න තියෙද්දී.......

මම එළියට යනවත් එක්කම ජින් මං ලගට ආවා.......

🐼 " නම්ජුනා...... මොකද උනේ...... කෝමද යුන්ගියට....?   "

🐨 " එයාට සිහිය ආවා........
මං යනවා Hospital Garden එක පැත්තට..... ඕනෙ උනොත් ඇවිත් කතා කරන්න......
නැත්නම් Call එකක් දෙන්න...."

ජිනුත් මාත් එක්ක එන්න හැදුවත් ඌව ඇතුලට යවලා මම Garden එක පැත්තට ගියේ...... මට ටිකක් තනියම ඉන්න ඕනෙවුන නිසා........

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now