Episode 13 💜️

Start from the beginning
                                    

මම ඔප්පගෙ අතත් අල්ලගෙන කියව කියව ඇඩුවා....... මගෙ කටින් පිට උන වචන මොනවද කියලවත් මට තේරුමක් තිබුනෙ නෑ........

මම ටක්ගාලා එතනින් ආවෙ තව ටිකක් වෙලා එතන හිටියොත් මගෙ පපුව පැලෙයි කියලා... 😭😭💔

එලියට එද්දිම දැක්කේ Doctor ලා දෙතුන් දෙනෙක් කලබලෙන් වගේ එහාට මෙහාට දුවනවා........
මං අපේ කට්ටිය ගාවට ගිහින් ඇහුවෙ මොකද්ද ප්‍රශ්නෙ කියලා...

🥀 " මොකද වෙලා තියෙන්නෙ ....... ඇයි මේ හැමෝම කලබලෙන් .."

🌻 " Accident එකක් වෙලාද කොහෙද,, ඒම තමයි කියනවා ඇහුනේ........"

හොබී ඔප්පා ඒම කියනවත් එක්කම ට්‍රොලි දෙකකින් ලේ නෑවුන පොඩි ළමයෙකුයි. ඒ ළමයගෙ තාත්තා කියන්න පුළුවන් කෙනෙකුයි ගෙනත් අනිත් ICU දෙකට දැම්මා.......
ඒ එක්කම වගේ Doctor කෙනෙක් එලියට ඇවිත් යුන්ගි ඔප්පව බලපු Doctor Song එක්ක කතා කරනවා අපිට ඇහුනා......

👩‍⚕‍ " අපි දැන් කෝමද මේ හදිස්සියෙ O positive Blood හොයා ගන්නේ........
බූසාන්වල Blood bank එකෙන් ගෙන්නගන්න ගියොත් මෙයාලගෙ ජීවිතේ බේරගන්න වෙන්නෙ නෑ...... ගොඩක් ලේ ගිහින් තියෙන්නෙ....... "

අර එලියට ආපු Doctor ඔප්පව බලපු Doctor ට ඒම කියද්දී මම එතනට ගිහින් එයාලට කතා කර....

🥀 " Excuse me Doctor .......... ඔයාලට O Positive blood ද ? "

(Doctor song )👩‍⚕‍ " ඔව්..... අපිට තිබුනු අන්තිම O Positive blood pack එක තමයි ඔයාලගෙ මිස්ට මින්ට දුන්නේ.... "

🥀 " ඒ කියන්නෙ යුන්ගි ඔප්පටද ? ."

👩‍⚕‍ " ඔව් "

🥀 " මම දෙන්නම් මෙයාලට Blood .... මගෙත් O Positive තමයි .. "

👩‍⚕‍ " ඔහ් .. ඒමද ? ...... ඒත් Miss ... මේ දෙන්නටම ලේ දෙන්න ඔයාගෙන් ලේ ගන්න බෑනෙ අපිට....."

ඒ එක්කම නම්ජුන් ඔප්පත් එතනට ආවා.......

🐨 " Doctor මටත් දෙන්න පුළුවන් වෙයි..... මගෙත් O Positive තමයි .. "

👩‍⚕‍ " ඔහ්..... අනේ ඔය දෙන්නවනම් මේ වෙලාවෙ දෙවියො එවලා තියෙන්නේ.....
අපිට Test වගයක් කරන්න තියනවා... මාත් එක්ක එන්නකො දෙන්නම... "

අපි දෙන්නම Doctor එක්ක ගිහින් කරන්න තිබුන Test ටිකත් කරලා දෙන්නම ලේ දුන්නා.....

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now