22 දිගහැරුම

Start from the beginning
                                    

(විහඟ):" *අනිවාරෙන් බං.මේ දේවල් එයාට කියන්න දවසක් එයි.ඒ වෙනකන් මම බලන් ඉන්නවා.එයාව පරිස්සම් කරනවා* ."


(යාෂ්):" *හ්ම්... ඒත් බං මට පුදුමෙ උබ කොහොම ඒ නයි කොච්චි කරල එක්ක ඉඳීද කියලා* ...😅"


(විහඟ):" *අනේ නෑ බං එයාගෙ ඒ නපුරු කමට, දඟ වැඩ වලට තමයි මං මුලින්ම කැමති වුණේ* ..😊😇😁."

.
.
.

🌼🌼🌼🌼🌼🌼🌼🌼


_After 7 months_


(පහුවුන මාස හත පුරාවට විජේසූරිය ෆැමිලි එකටනං ගොඩක් කාර්යබහුල කාලයක්.මොකද රුක්ෂි වගේම යාෂ් දෙන්නගෙම වෙඩින් එකට තව සතියකටත් අඩු කාලයක් තියෙන්නෙ.මේ වෙනකොට ඇඳුම් හදලා, වෙඩින් කාර්ඩ්ස් එහෙම දීලා ඉවරයි.යෙනුලිත් කැම්පස් වැඩ ටිකත් පාඩුකරගන්නෙ නැතුව මේ හැම වැඩකටම උදව් කළා.ඒවගේම විහඟ මේ කාලෙ පුරාවට ත් යෙනුලි ගැන හොයලා බලන්න පරිස්සම් කරන්න අමතක කරේ නෑ.විහඟගෙ ඇස්මානෙට යෙනුලි එනකම්ම කොල්ලා කෙල්ලව දුරින් ඉඳන් පරිස්සම් කළා.ඒත් නිතර නිතර ගෙදර එන එක,පාරෙ යනකොටත් දවසකට හරි විහඟව දකින එක,යෙනුලි දිහා බලන් ඉන්න විදිය හරියට ඒ ඇස් දෙක ලොකු කතාවක් කියන්න හදනවා වගෙ,කෙල්ලට මේ දේවල් දැනුණා.ඒ වගේම දැකපු මුල් කාලෙදි යෙනුලිගෙ හිතේ අර තිබුණ තරහ දැන් අඩු වෙලා කිව්වොත් හරි.මොකද මේ මාස හත පුරාවට විහඟ මොනතරම් හොඳ කෙනෙක්ද කියලා යෙනුලි තේරුම් ගත්තා.හැමවෙලේම හිනාවෙලා සතුටෙන් ඉන්න හැමෝටම උදව් කරන හරි ලස්සන මනුස්සයෙක් එයා ඇතුළෙ ඉන්නවා කියලා යෙනුලි තේරුම් ගත්තා.යාෂ්ගෙ වෙඩින් එකේ වැඩ වලදී වුණත් විහඟ ගොඩක් උදව් කළා.ඒ කාලෙදි විහඟ යෙනුලි දෙන්නා හොඳ යාළුවො වුණා.මොකද යාෂ්ගෙයි රුක්ෂිගෙයි දෙන්නගෙම වෙඩින් කාර්ඩ්ස් බෙදන වැඩේදි කට්ටිය බෙදිලයි ඒ වැඩේට ගියෙ.මොකද දෙන්නගෙම පිරිස වැඩි නිසා.රුක්ෂි,නාලනී එක්ක යෙනුක තුන්දෙනා වෙනම යනකොට යාෂ්, යෙනුලි එක්ක විහඟත් ඒ වැඩ වලට ගියා.අද කැම්පස් ඉවර වෙලා යෙනුලි බස් එකේ යන්න ආවෙ යාෂ් ට මේ වෙලාවෙ වැඩ ගොඩ ගැහිලා නිසා.ඒත් යාෂ් කෙල්ලව තනියම යවන්න අකමැති නිසා විහඟට කෝල් කරලා යෙනුලිව ගෙදරින් දාන්න කිව්වෙ විහඟත් ෂොප් එක වහලා වැඩ ඉවර වෙලා ගෙදර යන්නෙත් ඒ ටයිම් එකටම නිසා...,)


Destiny (completed)Where stories live. Discover now