💙 Episode 01💙

2.3K 334 45
                                    

" ජියා pov "

" comeon jiya.. you can do it... " ජේහ්වා මගෙ උරහිස් දෙක හොලවන ගමන් කෑ ගැහුවෙ ඉස්සරහ අඩ සිහියෙන් බලන් ඉන්න දෝයුන් එයාගෙ සෝජු වීදුරුව බීලා ඉවර කරන්න කලින් මගේ සෝජු වීදුරු දෙක පොවාගන්න

" මෙතන.. වීදුරු දෙකට වඩා තියනවා.. උබලා මාව ගොනාට අන්දවනවා න්..නේ... කියපන්... "
දෝයුන්ට දෙක හතරවෙලා පේන්න අරගෙනද කොහෙද.. කෑගහනවා..
මටත් දැන් දෙක හතර හය අට වගේ ගුනාකාර පේන්න අරගෙන.. ඉදගෙන ඉන්න තරම්වත් පණක් නැති වුනත් මට දෝයුන්ට සෙකන්ඩ් වෙලා ඔට්ටුව පරදින්න බෑ.. කරන්න දෙයක් නෑ ජියා... මූට සෙකන්ඩ් වෙන්න හිතන්නවත් එපා.. එහෙම හිතලා සෝජු වීදුරුවට අත දික් කලත් මට අහුවුන වීදුරුවක් නෑ..

" ඕ..හෝ... හිටාන් හිටාන් මං උදව් කරන්නම්.. " ජේහ්වාට සීන් එක තේරිලා පැනපු ගමන් එක සෝජු වීදුරුවක් මගෙ කටේ හැලුවා..

" ජේහ්වා.. හෙට ජියා university යන්නත් ඕනේ.. මෙහෙම හතර ගාතෙ ගෙදර ගියාම අර ගෑනි කෑගහයි.. "
ඒ තමයි සූජිනා.. මගෙ ප්..පරම පිවීතුරූ.... යාලුවො සෙට් එකේ ඉන්න ලව්ලි කපල් එකේ කෙල්ල.. මං සූජිනාගෙ පැත්තට හැරිලා ඇස් දෙකත් පියාගෙන හිනාවුනා..

" අහ්.. ක්..කවුද බන් ඔය මායාකාරිට බයවෙන්නෙ ආ.... ජේහ්වා.."

" ඕ.. "

" හික්... අනිකත් පොවහන්කො.. "
මට වීදුරුව අල්ලන්න තියා ඇස් ඇරගෙනවත් ඉන්න බැරි නිසාම ඉතුරු සෝජු වීදුරුවත් මගෙ කටට හලන්න කියලා ජේහ්වාට කිව්වා..

" යූහූ.........." මං කෑගහගෙන ජේහ්වාගෙ වාරුවෙන් නැගිටලා උඩපයින්න ගත්තත් හරිගියෙ නෑ.. හුළඟට හතර පැත්තට වැනෙන ගහක් වගේ මාත් එහෙට මෙහෙට වැනෙනවා..

" දැන් කවුද කියනවා.. මේ සෙට් එකේ වැඩ්ඩා.. ආ.... කියනවා දෝයුන්... හික්...ආ..ආවා මෙතන මාත් එක්ක සෝජු බොන්න...You little ass h----"

" ඒයි ඒයී ජියා... " සූජිනා මං ළගට පැනලා මගෙ කට තද කරලා වැහුවේ තවත් මුකුත් කියන්න කලින්..

" අපි ඉන්නෙ club එකේ බන්.. මෙතන මිනිස්සු ඉන්නවා.. දැන් හරිනෙ ඔට්ටුව ඉවරයි.. ඔයා දින්නා.. දෝයුන් පරාදයි.. දැන් අපි ගෙදර යමු ජියා..හම්ම්.. "
මට ජයග්‍රහනය වෙනුවෙන් කතාවක් වත් කරන්න දෙන්නෙ නෑ මේ පාප බිත්තරයො ටික..

CINDERELLA (Completed)Where stories live. Discover now