"ආව්ව්ව්..."

ජිමින් කෙල්ලගෙ කටින් අතගන්න හදනකොටම කෙල්ල ජිමින්ගෙ අත ඇදලා අරන් හැපුවා. ජිමින්ට ඒක හොඳටම රිදුනා

"යක්ශනී.... තමුන්ට පිස්සු හැදිලද. හොඳ වෙලාවට ජින් හ්‍යුන්ග් තමුසෙගෙන් බේරුනේ. තමුසෙට අහු උනා නම් එහෙම ඒ අහිංසකයට මොනා වෙයිද දන්නෑ. තමුසෙ එක්ක ඉන්න පුළුවන් මොන මනුස්සයටද බලනවා. බේබද්දෙක් වගේ බිබී.... කෙල්ලෙක් නේද තමුසෙ....."

ජිමින් වේදනාවෙන් අතත් ගස ගස ඕරාට කේන්තියෙන් බැන්නා

ජිමින් බනින එක නතර කලේ ඕරාගෙ කටින් ඉකියක් පිට වෙනවා ඇහිලා. කොල්ලා හිමීට ඕරාගෙ මූන පුරා වැටිලා තිබුන කොන්ඩෙ අයින් කරලා කෙල්ලගෙ මූන එයාගෙ පැත්තට හරවගත්තා

එතකොටයි ජිමින් දැක්කෙ කෙල්ලගෙ ඇස් වලින් නවතින්නැතුවම කඳුළු ගලනවා. කෙල්ල හිටියෙ ඇස් දෙකත් පුළුවන් තරම් තද කරගෙන. මුළු මූනම හොඳටම රතු වෙලා. ජිමින්ට කෙල්ලව දැක්කම තමන් කියපු වචනවල බරපතළකම තේරුනා. ඊටත් සුට්ටක් එහා හිතේ කොනේමත් කොනකින් වගේ කොල්ලට ඕරාගෙ රතු වෙලා පිම්බිච්ච කම්මුල්, නහය, තොල් හපන්න නොහිතුනාමත් නෙවෙයි ඉතින්... ඒත් ජිමින් තමන්ව පාලනය කරන් හිටියෙ ඕරාගෙ හිතේ තියෙන වේදනාව එයාට තේරුන හින්දා

"ඒයි ඇයි මේ... මියාන්හේ මියාන්හේ... මට ඒක රිදුනානෙ. ඒකයි මං කෑ ගැහුවෙ"

ජිමින් හිමීට ඕරාගෙ මූනම එයාගෙ අත් දෙකට අරගෙන කම්මුල් දිගේ ගලන කඳුළු මහපට ඇඟිලිවලින් පිහිදාන ගමන් කිව්වා

ජිමින්ගෙ ඒ වචනත් එක්කම ඕරාගෙ ඉකිය හැඬුමක් බවට පෙරලුනා. කෙල්ල ජිමින්ගෙ පපුවට ඔලුව තියාගෙන හයියෙන් අඬන්න ගත්තා

"ඇයීඊඊඊ... ඇයි මටම මෙහෙම වෙන්නෙ... මං ආදරේ කරන දේවල් ඇයි මට නැති වෙන්නෙ... එක සැරයක් එදා.. දැන් අද.. ඇයි ඇයි ඇයි...."

ඕරා ජිමින්ගෙ බ්ලේසර් එකේ කොලර් එක අත් දෙකෙන්ම පොඩි කරගෙන හොඳටම අඬනවා. දන්නෙම නැතුව ජිමින්ගෙ ඇස් වලිනුත් කඳුළු කැට දෙකක් පහලට කඩන් වැටුනත් ජිමින් විතරයි ඒකට හේතුව දැනගෙන හිටියෙ

..................................................

ෆන්ක්ශන් එක ඉවර වෙන්නත් කලින් ජිමින් ඕරාව බාර් එකෙන් එලියට අරන් ඇවිත් කාර් එකට නග්ගගත්තෙ කෙල්ලව එයාගෙ අපාට්මන්ට් එකට එක්ක යන්න කියලා හිතාගෙන

The Boss [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now