"උඹලා දෙන්නා මෙතන වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා ඉන්නවද…?"

Yoongi ටිකක් සැරෙන් වගේ කිව්වමයි Jiminගෙයි Jungkookගෙයි රණ්ඩුව නතරවුනේ…

"හියුන් අැත්තම කිව්වොත් මේ…. එදා කිව්ව Lucid dream ගැන……"

"උඹ එ්ක කරන්න ට්‍රයි කලාද Jungkook..? මං පුදුම වෙන්නෑ එ්ක ඔව් කියලා උඹ කිව්වොත්…"

Jungkook කියලා ඉවර කරන්නත් කලින් Namjoon අැහුව දේට අැස් ලොකු කරගත්තේ Jungkookමයි… 

"හියුන් කොහොමද එ්ක දන්නේ…?"

"දන්නේ..? මට හිතුනා උඹ එ්ක කරලා බලයි කියලා එදාම… උඹ කරන්නෙම හිතුවක්කාර වැඩ Jungkook.."

"සොරි හියුන්.."

Jungkook කිව්වේ මූණත් අැද කරගෙන බිම බලාගෙන…

"Jungkookට විතරක් බනින්න එපා හියුන්… එ්ක මාත් ට්‍රයි කරලා බැලුවා කුතුහලේ නිසාම…"

Jimin එහෙම කියද්දි හැමෝම හැරුනේ Jimin දිහාට… මොකද Jimin කියන්නේ සාමාන්‍යයෙන් එ් වගේ දේවල් කරලා බලන කෙනෙක් නෙවේ කුතුහලේකට වුනත්…

"එහෙනම් ඉතිං මාත් ට්‍රයි කලා…"

එ් පාර Taehyung…

" අැත්තටම මුන් තුන්දෙනා… කියලා වැඩක් නෑ… උඹ මුන්ට අායේ මොකුත් කියන්න එපා Namjoon…"

Yoongi කිව්වේ ලඟ හිටිය Taehyungගෙ ඔලුවට අනින ගමන්… කොල්ලත් ඔලුව අතගගා මොංගල් විදියට හිනාවක් දැම්මා Yoongi දිහාට… 

"එහෙනම් ඉතිං මටත් බැනපල්ලා… මාත් ට්‍රයි කලා…"

එ් පාර Jin පටන් ගත්තා… 

"හහ් සද්ද නැතුව බබා වගේ හිටියට මුන් ඔක්කොම ලෝකේ කාලා වතුර…. නෑ නෑ වතුර නෙවේ වොඩ්කා බීපු උන්… යකෝ මං විතරද දැන් ඔය Lucidද මොකක්ද එක කරලා බැලුවේ නැති එකම එකා… කොට්ට මෙට්ට පැදුරු උස්සන් ගෙදරිනුත් යන්න හිතෙනවා මට.."

Hoseok එහෙම කිව්වේ අත පය එහාට මෙහාට දික් කරන ගමන් හරියට රූකඩ නැටුමක් නටනවා වගේ...

"දැන් ඉතිං වෙන්න තියෙන එ්වා වෙලා ඉවරයිනේ… කාටවත් බනින්න බෑ… මං එදා ට්‍රයි කරන්න එපා කිව්වේ උඹලගෙ හිතුවක්කාරකම් ගැන දන්න නිසාම මිසක් සීමාවක ඉදන් Lucid dream බලන්න ට්‍රයි කලාට වරදක් නෑ…"

TнЄ  LüСїd  DяЄaМ (COMPLETED)Where stories live. Discover now