Part 4

358 72 22
                                    

Han Yuri pov 💫

................................................................

" අනේ අගස්සී කියන දේ අහලා නැගිටින්නකෝ. අපි දැනටමත් හොදටම පරක්කුයි. "

මාගේ සේවිකා ව වු ආරාගේ කට හඩයි ඒ. මද වෙලාවක සිට ඇය මාව නිදි යහනෙන් නැගිට්ට වීමට උත්සාහ ගනිමින් සිටී. නමුත් මට නැගිටීමට කිසිදු වුවමනාවක් තිබුනේ නැත. මන්ද යත් අද මාගේ ජිවිතේ නරකම දවස ලෙස මට දැනී අවසන් වූ නිසා වෙනි.

" han yuri ඉරෝනබා. ඔබට ඕනේ මුළු පවුලම එක ලෙස විනාශ වී යනවා බැලීමටද???? "

මහත් සේ කෝපයට පත් වී මගේ කාමරය වෙත පැමිණි පියාණන්ගේ හඩට මා ගැස්සී ගියෙමි. ඔහුගේ ඇස් වල මා දුටුවේ මහත් වු අසරණභාවයකි. දේශපාලන ඕනේ එපාකම් සහ මගේ පවුලේ අන් අයගේ ජිවිත රැක ගැනීම වෙනුවෙන් ඔහුට මා බිලි දීමට සිදුවී ඇත.

මාගේ ජිවිතයට කුමක් සිදු වුවත් පවුල රැක ගැනීමට වුවමනා වූ හෙයින් මා සුදානම් වී ගෙයි මිදුලේ නවතා තිබු රාජකීය දෝලාව වෙත පිවිසුනෙමි. ඒ ක්ශණයෙන් මා වෙත පැමිනි මෑනියන් හඩා වැටෙන්නට වූ අතර කිසිවක් කරකියා ගත නොහැකි අසරණ දෑසින් අයියණ්ඩි බලා වුණි. පියාණන් මා හමුවට නොපැමිණීයත් ඔහු ඈතට වී මා දෙස බලා සිට නැවත ඔහුගේ කුටිය වෙත නික්ම ගියේය.

රාජකාරිය දෝලාවෙන් මා මාලිගයට ඇතුලු අතර සේවිකාවන් කීපදෙනෙක් පැමිණ මාව කැදවාගෙන ගියේ රාජකීය මංගල උත්සවය සදහා මාව සුදානම් කිරීමටයි.

මා හට පැවරී තිබුණු කාර්‍ය වුයේ සිටගන්න කියු විට සිට ගැනීමත් ඉදගන්න කියු විට ඉදගැනීමත් පමණි.

සේවිකාවන් රතු, රත්තරන් සහ නිල් පැහැයෙන් දිස් වු රාජකීය මංගල ඇදුමෙන් හා ආභරණ වලින් මා සරසා මංගල උත්සවය තිබු ප්‍රධාන මාලිගය වෙත ගෙන ගියහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සේවිකාවන් රතු, රත්තරන් සහ නිල් පැහැයෙන් දිස් වු රාජකීය මංගල ඇදුමෙන් හා ආභරණ වලින් මා සරසා මංගල උත්සවය තිබු ප්‍රධාන මාලිගය වෙත ගෙන ගියහ.

Don't leave me 🥀Where stories live. Discover now