Part 2

324 73 9
                                    

BTS Suga 🐱

එදා පැක්ට්‍රිස් ඉවර වෙද්දී මට දැනුනේ පුදුම මහන්සියක්. ඒ නිසා මම ස්ටුඩියෝ එකට ගිහින් පොඩ්ඩක් හාන්සි වුනේ හවස තිබ්බ award show එකට පරක්කු නොවී යන්න ඕන නිසා ෆෝන් එකේ එලාම් එකත් තියලා. ඒත් මට නින්ද ගියා කියන්නේ මොන එලාම් ද ???? මම නැගිටිද්දී ෆෝන් එකේ එලාම් එක දහපාරක් විතර වැදිලා. කෝල් 81ක්. ඉවරයි. වසලා හමාරයි.

මම ස්ටුඩියෝ එකෙන් එලියට එද්දී සේ ජින් හ්යොන් ස්ටුඩියෝ එක ලග බිම ඉදගෙන හිටියා. එයාට හොදටම මහන්සි පාටයි.

" හ්යොන් "

දොර ඇරගෙන එලියට ආපු මාව දැකලා නැගිටපු හ්යොන්ගේ මුණේ ලස්සන හිනාවක් ඇදුනා.

" අම්මෝ ඇති යාන්තම්!!!! ඉක්මනට යමු. දැනටමත් ගොඩක් පරක්කුයි. "

එහෙම කියලා මාවත් ඇදගෙන සේ ජින් හ්යොන් ගියේ පුදුම වේගයකින්. ඇත්තටම අපි කරන කියන දේවල් ඉවසගෙන ඉන්න මේ මනුස්සයා නම් හරිම පුදුම කෙනෙක්.

Award show එක තිබ්බ බිල්ඩින් එකට ඇතුල් වෙද්දී හිටියේ පුදුම සෙනගක්. මට කලින් අපේ අනිත් හය දෙනාට යන්න වුනේ මම නිදාගෙන ඉදලා පරක්කු වුන නිසායි. දැනටමත් මම නැත්තේ ඇයි කියලා Army ලා twitter වල සෑහෙන්න කතා වෙලා තියෙන විදිහ මට පෙන්නුවේ සේ ජින් හ්යොන් අපි වාහනේ එන අතරතුර.

සෙනග අතරින් හෝල් එකට ඇතුල් වුන මගේ ඇගේ එකපාරටම කෙනෙක් හැප්පිලා වැටුනා. මම සමාව අරන් අනිත් පැත්ත හැරිලා යන්න හැදුවේ මම ඒ වෙනකොටත් හොදටම පරක්කු වෙලා හිටපු නිසා. ඒත් වැටුන කෙනාට නම් මාත් එක්ක එල්ලෙන්නමයි වුවමනාව තිබ්බේ. බැරිම තැන තුවාලයක් වුනා නම් බෙහෙත් කරගන්න කියලා සල්ලිත් මූණට දමලා ගහලා ආවේ කේන්තියටමයි. ඇයි දෙයියනේ මිනිස්සු අතින් වැරැද්දක් වෙන්න බැරිද???? අනික මගේ අතින් මහ ලොකු වැරැද්දක් වුනැයි ඔච්චර බෙරිහන් දෙන්න. මල සමයන්😒 

" යුන්ගී ඒ වුන වැඩේ නම් එච්චර හොද දෙයක් නෙමෙයි "

සේ ජින් හ්යොන් කිව්වේ අපි අර කෙල්ලගෙන් ඈත් වෙලා ටික දුරක් ආවාට පස්සේ......

" ඇයි හ්යොන් එහෙම කියන්නේ..... ඔයා දැක්කානේ ඒ මල හෝන්තුව මට කතා කරපු හැටි. මගෙන් වෙච්ච වැරැද්දට මම ඒ වෙලාවේම සමාව ගත්තා නේ හ්යොන් "

Don't leave me 🥀Where stories live. Discover now