🍃25. ඉරණම් ගමනක් ....

48 7 1
                                    

හැමදාමත් වගේ ටේ මාව සැනසුවත් අද මේ හැමදේම තීරණය වන ඉරණම් ගමනක් යන්න වෙන්නෙ කියලා අපි කවුරුත් දැනන් හිටියේ නෑ.

තමංගෙ ආදරණීයන් වෙනුවෙන්, අපි කොච්චර අසරණ වෙනවද කියන එක මං මේ වෙද්දි හොදටම අත් විදපු දෙයක්, මගේ ටේ වෙනුවෙන් මගෙ පැටව් වෙනුවෙන් මාරයා ගාවටම ගිහින් ආවත් මට කවදාවත් මං ගැන නෙමේ බය, මගෙ පණ ටික ගැහෙන එයාලා ගැනයි මං හැමදාමත් බය වුනේ පරිස්සන් කලෙ.

......

ප්‍රංශයට ඇවිත් හරියටම මාසෙකට පස්සෙ අපි හැමෝම ලෑස්ති වුනේ කැන්කාලේ (Cancale) කියලා හදුන්වන මුහුද බඩ පැත්තට ගිහින් ටික කාලයක් ඉදලා ආපහු කොරියාවට එන්න,

Saint-Brieuc ගුවන් තොටුපළෙන් සහ Rennes ගුවන් තොටුපළෙන් මෝටර් රථයකින් පැයක් දුරින් පිහිටා ඇති Cancale, ප්‍රංශයේ හොඳම සැඟවුණු ලස්සන තැන් වලින් එකක් කියලා ටේ මට කියලා තිබුනා.

5000ක වගේ ජනගහනයකින් යුත් මෙම කුඩා නගරයට සෑම වසරකම ලොව පුරා සිටින සංචාරකයින් පැමිණෙන්නේ එහි වල් බෙල්ලන් රස බලන්නලු, එහෙ ටර්කියුයිස් නිල් ජලය සහ එහි විශ්මය ජනක වෙරළ භුක්ති විඳීමට ගොඩාක් සංචාරකයන් කැමති වගේම හරිම නිස්කලංක පැත්තක් කියලා ටේ මට නිතරම කියලා තිබුනා.

මොකද ටේ අනිවාර්යයෙන්ම මෙහෙ එනවාමලු. ඒ වගේම ටේගෙ මුල්ම හතුරත් මෙහෙන්ලු බිහි වුනේ, ඒ කාලෙම ඒ දේවල් සමථයකට පත් කරන්න ටේගෙ අප්පට පුළුවන් වුන නිසා දැන් බය වෙන්න දෙයක් නෑලු.

අපි බොඩිගාර්ඩ්ස්ලා එක්කම උදේම පිටත් වෙලා එහෙ විලා එකට ලන් වෙද්දි දවල් වෙලා තිබුනා.

පොඩි අයව නැනීලට බාර දීලා ටේ මාවත් එක්කම කාමරේට ආවෙ මං ගොඩාක් මහන්සියෙන් හිටපු නිසා.

වොශ් දාලා කාලා අපි ටිකක් හාන්සි වුනේ හවස වෙරළ පැත්තේ යන්න හිතාගෙන.

කොහොම හරි දන්නෙම නැතුව ගමන් මහන්සියටත් එක්කම හැමෝම එදා හවස දාගෙන හිටිය වැඩ ටික ඔක්කොම කැන්සල් කරලා නිදහසේ විලා එකට වෙලා ඉන්න තීරණය කරලා.

ඒත් මං ඇහැරෙද්දි ටේ නම් මං ගාව හිටියෙ නෑ, එතකොට වෙලාව පාන්දර 3ට වගේ, මං කාමරෙන් එළියට එද්දි විලා එකෙ තැනින් තැන දැල්වුන නයිට් බල්බ් වලින් එන මද එළියෙන් පාර හොයාගෙන වෙරළ පැත්තට යන ගමන් හිටියේ,

නිහඬ ආදරේ [COMPLETED]Tahanan ng mga kuwento. Tumuklas ngayon