🍃15.ජන්කුක් සර් ඇයි නුමිව කිස් කලේ?

61 7 2
                                    

චුට්ටටකට පියා ගත්ත ඇස් ආපහු ඇරුනෙ පැය ගානකට පස්සෙ කියලා තේරුනේ ටේත් මට එහාහින් මාව බදාගෙනම නිදන් ඉන්නවා කියලා දැකපු නිසයි.

එයාව ඇහැරෙන්නේ නැති විදිහට මං හිමින් ඇදෙන් බැස්සෙ ඇදුමක් දාගන්න හිතාගෙන, එතකොටයි මං දැක්කේ මගේ ගමන් මළු ටිකයි අනිත් දේවලුයි කාමරේ පැත්තකින් තියෙනවා කියලා.

කවුරුහරි ඒ ටික ගෙනත් තියන්න ඇති කාමරෙන්,

මං ඉක්මනටම වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන සැහැල්ලු ඇදුමකට මාරු වෙලා පහළට ගියේ නුමීවයි ජන්කුක් සර්වයි හම්බ වෙලා හැමදේම අහගන්න හිතාගෙන.

ඒත් මං පහළට යද්දි දැක්කේ කවදාවත් හීනෙකින්වත් දකියි කියලා හිතපු නැති දෙයක්,

ජන්කුක් සර් නුමීව කිස් කරන ගමන් හිටියේ, මං ටිකක් ශොක් වෙලා වගේ එයාලා දිහා බලන් ඉදලා හිමීට කැස්සා, ඒත් එක්කම දෙන්නම මගෙ දිහා බැලුවේ බය වෙලා වගේ.

"ශිනි වැරදියට හිතන්න කලින් අපේ කතාව අහලා ඉන්න, දැනමම තීරණේකට එන්න එපා හරිද"

"නෑ ජන්කුක් සර් මට මුකුත්ම හිතා ගන්න බෑ. කරුණාකරලා කියන්න පුළුවන්ද මෙතන මොකද වෙන්නේ කියලා, ටේ කියනවා එයාට මතක මාව විතරලු, ඒ අස්සෙ මෙතන ඔයාලා දෙන්නා කිස් කරනවා, මං මොනාද හිතන්න ඕනි කියලා වත් මට හිතා ගන්න බෑ සර්."

"හරි, ඉස්සෙල්ලාම ඇවිත් මොනා හරි කාලා ඉන්න ශිනි, තාම ඔයා හරියට කාලත් නෙමේනෙ ඉන්නේ, කෝ එන්නකො."

නුමී මට කන්න කතා කල නිසා මං හිතුවා වෙලාවෙ හැටියට ඉස්සෙල්ලාම මොනා හරි කාලා පොඩ්ඩක් හිත සැහැල්ලු කරගත්තා නම් හොදයි කියලා.

කෑම කාලා ඉවර වෙලා අපි තුන් දෙනා ආවෙ එළිමහන් තැනකට එතන හරිම නිදහසේ කතා කරන්න පුළුවන් විදිහට පුටු දාලා හදලා තිබ්බා. ඈතින් පේන මුහුද ඒ හුළග මාව මේ වෙද්දි සැහැල්ලු කරලා තිබ්බේ.

ටිකකින් ජජ්න්කුක් සර් කතාව පටන් ගත්තා.

"හ්ම් ... ශිනි ඇත්තම කිව්වොත් මේ හැමදේම පටන් ගත්තේ ටේ මෙහෙට ආපු දවස් වල, ඒ කියන්නේ ටේ නුමීව බැදලා මෙහෙට ආපු දවස් වල, ඔයා දන්නවා ටේ මේ කසාදේ කලේ කැමැත්තකින් නෙමේ, ඊටත් වඩා එයා ඔයා කියපු නිසයි ඔයාගෙ වචන විශ්වාස කරලයි මේ කසාදේ කලේ, එයා හිතුවා ඔයා කිව්වත් වගේ නුමී ගැන එයාගෙ හිතේ ආදරයක් ඇති වෙයි කියලා, ඒත් එයා තේරුම් ගත්තා කවදාවත් එයාලා අතරෙ එහෙම දේකට ඉඩක් නෑ කියලා, මොකද නුමි කියන්නේ මගේ පෙම්වතිය."

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now