🍃22.මගේ පැටව් ?....

51 5 1
                                    

ඒත්......
දෛවය ලියවිලා තියෙන විදිහ අපි කාටවත් වෙනස් කරන්නත් බෑ කලින් දැන ගන්නත් බෑ, හොදම දේ ඒකට මූණ දෙන එක,

ටේ බබා එළියට ගියාට පස්සෙ ටිකකින් ඩොක්ටර් කාමරෙන් එළියට ගියේ වෝඩ් රවුන්ඩ් එකක් යන්න තියෙනවා කියලා.

ඩොක්ටර් ගිහින් ටිකකින් නර්ස් කෙනෙක් ඇවිත් මට ටැබ්ලට් එකක් දුන්නා බොන්න කියලා, ඒක බීලා ටිකකින් මට දැනුනේ මුළු වටපිටාවම අදුරු වෙනවා වගේ කියලා.

ආපහු මං ඇහැරෙනකොට හිටියේ ගොඩාක් සැප පහසු කාමරේක, නැගිටලා වට පිට බලද්දි තේරුනේ මං ඉන්නේ දූපතක හදපු විලා වගේ එකක කියලා, ඒ විතරක් නෙමේ වටේටම ආරක්ෂාවට බොඩිගාඩ්ලා සෑහෙන ප්‍රමාණයක් හිටියා,

ටිකෙන් ටික මට කරුණු කාරනා තේරුම් යද්දි මට මතක් වුනේ මගෙ ටේව, එයා මාව දැන් පිස්සෙක් වගේ අඩ අඩ හොයනවා ඇති, මගෙ ටේව මතක් වෙලා මට හොදටම ඇඩෙන්න ගත්තා, තාමත් මේ ලෝකෙට ආපු නැති මගෙයි ටේගෙයි ආදරේ එකම සළකුණ තාමත් මං ඇතුලේ පණ ගැහෙනවා නේද කියලා මතක් වෙද්දි මාව තවත් අසරණ වුනා, මගෙ පැටියා එක්ක එයාගෙ අප්පා ඉන්න ඕනිම කාලෙදි අපිට එයාගෙන් ඈත් වෙන්න සිද්ද වුන එකට කවදා හරි මගෙ පැටියා මට දොස් කියන එකක් නෑ නේද ,

දෙයියනේ කියලා හැමදේම හරියාගෙන එද්දිම ආපහු ඇයි මට මගේ ටේගෙන් ඈත් වෙන්න වුනේ, පැටියෝ ඔයා අහගෙන නේද ඉන්නෙ මගෙ මැනික, අප්පා අපිව හොයනවා ඇති දැන් පිස්සුවෙන් වගේ, අනේ ඇයි අපිට මෙහෙම කරදර එක පිට එක එන්නේ, මගෙ පැටියා මොන වරදක් කලාටද මෙහෙම එයාව ටේගෙන් ඈත් කලේ,

මං මගේ බඩ උඩ අතක් තියාගෙන මගෙ පැටියාට කතා කර කර ඉද්දි කාමරේ දොර එකපාරටම ඇරුනා,

ඒකෙන් ඇතුළට ආවේ........

"අප්පා..... ඔයා .... මෙහෙ...."

"ආයිශ්.... මේ ළමයෝ මට අප්පා අප්පා ගාන්න එපා, තාම කසාද බැදලත් නැති මට මෙච්චර ලොකු ළමයි කොහෙද, අනික මං මේ චිල් එකේ ඉන්න කොල්ලෙක්, නැද්ද වස්තු"

එහෙම කියලා අප්පා ඒ ලග හිටිය ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්ව කිස් කරන්න ගත්තා, හරිම අප්පිරියා හිතෙන දර්ශනයක්, මට තේරුන විදිහට ඒ කෙල්ලත් අකැමැත්තෙන් තමා හිටියේ.

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now