🍃4. දිග හැරුම

62 7 0
                                    

ලඟකදි ඉදන් ටේ පංතියේදි හැසිරෙන විදිහ ටිකක් වෙනස් වෙලා, ඒක වෙන්න ගත්තේ ලඟදි අපේ පංතියට ආපු අළුත් ළමයින්ගෙන් පස්සේ.

මං දැන් දවස් දෙක තුනක ඉඳන් බලාගෙන එයා වෙනදට ඉන්න තැන නෙමේ දැන් ඉන්නේ, එයයි එයාගේ යාළුවයි දැන් ඉද ගන්නේ අර අළුතින් ආපු ළමයින්ට පිටිපස්සෙන්, ඒ සෙට් එකේ ඉන්නවා ගෑනු ළමයි 2 එක පිරිමි ළමයෙකුයි, ඒ සෙට් එක පේන විදිහට ගොඩාක් ක්ලෝස් හොඳම යාළුවෝ වෙන්න ඕනී.

වෙනස පටන් ගත්තේ මෙහෙමයි, සාමාන්‍යයෙන් ටේ බ්‍රේක් වෙලාවට පංතියෙන් එළියට යන්නේ නෑ ඒ වෙලාවට පංතියේ ඉදන් එයාගෙ සෙට් එකත් එක්ක පච හල හල ඉන්නේ.

මං ඒ වෙලාවට කරන්නේ කැන්ටිම පැත්තේ යන එක ඒ යන්නේ අපේ කැන්ටිම තියෙන තට්ටුවේ ඉදලා බලද්දි ඒ අවට ගොඩාක් ලස්සනට පේන නිසා, ආසයි එහෙම ඈත බලාගෙන නිදහසේ ටේ බබා ගැන හිතන්න.

කැන්ටිමේ මං නිතරම ඉදගන්නේ ජැනේලේ අයිනට වෙන්න දාලා තියෙන සින්ගල් ප්ලේස් එකක, කිරි කෝපි එකකුයි කේක් කෑල්ලකුයි අරන් ඇවිත් ඒක භුක්ති විදින ගමන් එතන වාඩි වෙලා ඈත බලන් හෙඩ් සෙට් එකත් දාගෙන ලාවට සිංදුවකුත් අහගෙන මනෝ පාරක් ගහගෙන ඉන්නවා කියන එකත් වෙනම කලාවක්. මං මේ ඉන්න තැනට මුළු කැන්ටින් එකම පේනවා.

ඉතිං ඒ වගේ මනෝ පාරක ඉද්දි අහම්බෙන් වගේ මං දැක්කා ටේ එයාගෙ යාළුවත් එක්ක කැන්ටිමට ඇවිත්, ඒ ඇවිත් අර මං කිව්ව අළුතින් ආපු සෙට් එක දිහා බලාගෙන මාරම ලුක් එකක් දීගෙන ඉන්නවා, මං ටිකක් හොදට බැලුවා මේ මනුස්සයා කා දිහාද මෙච්චර බලන් ඉන්නේ කියලා, එතකොටයි මට නෝට් වුනේ එතන හිටිය හුරුබුහුටි ලස්සන චූටි ගෑනු ළමයා දිහා තමා බලන් ඉන්නේ කියලා, ඕහ් ඒ කෙල්ල ටේ බබා කැමති ටයිප් එක වෙන්න ඇති ඒ කෙල්ලත් කැමති වගේ මොකද ඒ කෙල්ලත් රතු වෙලා සැරින් සැරේ ටේ දිහා බලලා බිම බලා ගන්නවා මං දැක්කා.

ඒක දැක්කට පස්සේ හිතේ තිබ්බ සැහැල්ලව නිකන් හොරු අරන් ගියා වගේ, මොකද්දෝ දුකක් දැනෙන්න ගත්ත නිසා මං එතනින් නැගිටලා ටේ දිහා වැරදිලාවත් හැරිලා බලන්නෙ නැතුව කෙලින්ම පංතියට ඇවිත් බ්‍රේක් එකේ ඉතුරු වෙලාවම මේසේ ඔළුව ගහගෙන හිටියා.

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now