🍃14.ඒ මගෙ පළවෙනි කිස් එක

50 6 0
                                    

දීර්ඝ ගමනකට පස්සෙ අපි එයාර්පෝර්ට් එකේ ඉදන් ටේ බබාගෙ ගෙදර යන ගමන් හිටියේ, තාමත් ජංකුක් සර් මට මුකුත්ම කිව්වේ නෑ.

නගරෙන් ඈතට වෙන්න ටිකක් ජනාකීර්ණ ගතිය අඩු පැත්තකට අපි යන ගමන් හිටියේ. අපිව එක්ක යන්න වාහනයක් නුමී එවලා තිබ්බා.

මං ජැනේලෙන් එළිය බලාගෙන ටේ ගැන හිත හිත ගියෙ, ටිකකින් වාහනේ දකුණට තිබ්බ අතුරු පාරකට දාද්දි මං දැන ගත්තා දැන් අපි ගමනාන්තයට ඇවිත් කියලා.

මං ජැනේලෙන් එළියට ඔළුව දාලා බලද්දි දැක්කේ ස්භාවික පරිසරයටම ගැලපෙන විදිහට හදලා තිබ්බ ලස්සන බංගලාවක්.

ඔව් මේක අනිවාර්යයෙන්ම ටේ බාබාගෙ අයිඩියා එකක් වෙන්න ඕනි.

වාහනේ නවත්තපු ගමන්ම මං ටක් ගාලා බැහැගන්නවත් එක්කම ජන්ග්කුක් සර් මං ගාවට ඇවිත් මාව නවත්තා ගත්තා.

"අහන්න ශිනි, මං දන්නවා ඔයාගෙ ඔළුවේ ප්‍රශ්ණ ගොඩාක් තියෙනවා කියලා ඒ වගේම මේ ගේ ඇතුලට අඩිය තිබ්බාම තවත් ඒ වගේම ප්‍රශ්ණ ගොඩාක් ඔයාගෙ හිතට එයි, ඒත් ඔයාගෙ ටේ බබාව හම්බවෙනකන් ඒ එකකටවත් උත්තර හොයන්න යන්න එපා තේරුනාද"

"හ්ම්..."

ජන්ග්කුක් සර් ඒ වචන ටික කියද්දි මගෙ හිතට මොකද්දෝ ලොකු බයක් ආවා, ඒත් මං මුකුත්ම අහන්නේ නැතුව සර් පිටිපස්සෙන්ම ඇතුළට ආවා.

ඇතුළට එනවත් එක්කම ඉස්සරහට හම්බ වුනේ නුමීව, එයා මාව දැක්ක ගමන්ම දුවගෙන ඇවිත් මාව බදා ගෙන ටික වෙලාවක් හිටියේ හරියට ලොකු දුකක් හිතින් අඩු වෙලා යනකන් වගේ.

"ශිනි ඔයා එහෙනම් ආවා... මං හිතුවෙ නෑ ඔයා එයි කියලා."

"නෑවිත් කොහොමද මගේ ටේ බබාවයි එයාගෙ බබාලවයි ඔයාවයි බලන්න එපැයි. මං මග බලන් හිටියෙ ඔයාලා මට එන්න කියනකන්. ටේ කියන්න ඇති අපි දෙන්නා කවදා හරි මීට් වෙනකන් කෝල් මැසේජ් නොකර ඉන්න කතා වුන කතාව. ඒ වගේම හදිසියක් කිව්ව නිසයි මං මේ දුවගෙන ආවේ. කෝ එයා, මාව ටේ ළගට එක්ක යන්න. එයා ඔෆිස් ගිහින්ද.."

"ආහ් නෑ නෑ එයා ඉන්නවා එන්නකො මාත් එක්ක, "

මං නුමී එක්ක යද්දි පහු කරන් ගිය විසිත්ත කාමරේ වාඩි වෙලා හිටිය මිනිස්සු කට්ටිය හරියට මාෆියා කාරයෝ වගේ එයාලා මාව දැක්කා විතරයි ඉදගෙන හිටිය තැන් වලින් නැගිටලා බය වෙලා වගෙ මගෙ දිහා බලන් හිටියා.

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now