🍃11.දිග හැරුම

46 6 0
                                    

මොන දේ වුනත් ඉස්සරහට ඒ හැමදේම දරාගන්න ඕනි කියලා හිත හයිය කරන් මේ ලෑස්ති වෙන්නේ ටේ බදින්න ඉන්න කෙනාව පිළිගන්න,

ටේගේ තාත්තා කිව්ව විදිහට ටේගෙ එන්ගේජ්මෙන්ට් එක වෙනකන් එයා නවතින්නේ ටේගේ ගෙදර,

ඉතිං උදේම ඔෆිස් ගිහින් ඒ වැඩ ටික ඉවර කරලා හාෆ්ඩේ එකක් දාලා එන්න හදද්දි ටේත් මාත් එක්කම ආවා,

එයා මේ කිසිම දෙයක් කැමැත්තකින් නෙමේ කරන්නේ, එයාට ඕනි වෙලා තියෙන්නේ මේ හැමදේකින්ම ඈත් වෙලා දුරකට යන්න ඒත් තාත්තා එයාට කියපු දේවල් එක්ක එයා ගොඩාක් අසරණ වෙලා ඉන්නේ,

එයාව එහෙම දකිද්දි මට ගොඩාක් දුකයි. කොහොම හරි පැය දෙක තුනකින් වගේ ගේ එහෙම අස් පස් කරලා හැමදේම පිළිවෙලක් කරලා කෑම ටිකත් ලෑස්ති කර ගන්න පුළුවන් වුනේ ඒ දේවල් කරන්න කට්ටියකට බාර දීලා තිබ්බ නිසයි.

මාත් එයාලට උදව් වෙන ගමන් වැඩ ටික බැළුවේ ටේට ගානක්වත් තිබ්බෙ නැති නිසයි.

කොහොම හරි හැමදේම හරි ගස්සලා මං ටේව හොයාගෙ එයාගෙ කාමරේට ගියේ එයාට අදින්න ඇදුමක් ලෑස්ති කරන්න, මොකද ටේ කිව්වා එයාට මේ කිසිම දේකට මූඩ් එකක් නෑ ඔයාම ඇවිත් ඒ ටිකත් කරලා යන්න කියලා.

මං යද්දිත් ටේ ඇදට වෙලා කල්පනාවක මං එනවා වත් ගානක් නෑ.

මං එයා ගාවට ගිහින් කතා කලාම එහෙම්මම නැගිටලා ඇදේ ඉදගෙන මාවත් ළගට ඇදලා අරන් මගේ බඩ අස්සෙ මූණ හංගාගත්තා,

ටිකක් අපහසු ගතියක් දැනුනත් ටේ ඉන්න සැහැල්ලව දැකලා මං හිමීට එයාගෙ ඔළුව අත ගාන ගත්තේ ඒ සිනිඳු කෙස් අතරින් මගෙ ඇගෙ ඇගිලි තුඩු අරන් යන ගමන්,

"ටේ බබෝ...."

"හ්ම්.... කියන්න ශිනී මං අහගෙන ඉන්නේ..."

"ඔයා හොදින් නෙමේ කියලා මං දන්නවා ටේ, ඒත් සමහරවිට මේ ඔයාට හරිම කෙනා වෙන්න පුළුවන් නේද..."

මං එහෙම කියනවත් එක්කම ටේ එහෙම්මම ඔළුව උස්සලා මගෙ මූණ දිහා බැලුවා

"ඔයා මේ මගේ හිත හදන්නද හදන්නේ, ඔයා හිතනවද ශිනී ඒ හම්බෙන්න යන්නේ මට හරිම කෙනා කියලා, බැරි වෙලාවත් ඒ කෙනා ජෙනීටත් වඩා නරක කෙනෙක් වුනොත්..."

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now