🍃2. දිග හැරුම

89 9 8
                                    

අද වැඩ ඉවර වුන ගමන් ඉක්මනම මං දිව්වේ හවස අමතර පංතියක් දාලා කියලා ක්ලාස් ගෲප් එකේ දාලා තිබ්බ පණිවිඩේ දැකලා,

ඉක්මනටම ඇතුළට ගිහින් වැඩිය කාටවත් නෝට් වෙන්නෙ නැති තැනකින් වාඩි වුනේ ඔයාව බලන්න ලේසි වෙන්නයි.

ඔයාව පංතියේදි දැකපු පළවෙනි දවසේ මං හීනෙකින්වත් හිතුවෙ නෑ මේ ඉන්නේ අර කතා කරන ඇස් තියෙන කොල්ලා කියලා, මගේ නේබරයා කියලා,

මං දන්නවා ඔයා මාව දන්නෙවත් නෑ, මොකද මං වැඩිය ගෙදර ඉදෙන්නෙ නැති නිසා ඔයාගේ නේබරයා මං කියලවත් දන්නෙ නැතුව ඇති, අනික අපි දෙන්නගෙ ගෙවල් එක ළග වුනාට මං එන්නෙ අතුරු පාරක ඔයා යන්නේ ප්‍රදාන පාරක, වැරදිලාවත් අපි පාරකදිවත් මුණ ගැහිලා නෑ, එහෙම මුණ ගැහෙයි කියලා හිතන්නත් අමාරුයි. ඔයාම හිතලා ඒ පැත්තේ ආවොත් මිසක්.

අනික මෙච්චර ළමයි ගොඩක් අතරින් මාව කවුද දැන ගන්න කා අතරවත් මං ප්‍රසිද්ධ චරිතයක් වුනේ නෑ, එහෙම වෙන්න ඕනි වුනෙත් නෑ.

මට ඕනි වුනේ හැමෝටම හොරා ඔයා දිහා ඈතිං ඉදන් බලන්න හැබැයි ඔයාට වදයක් නොවී.

අද මං විශේෂයෙන්ම ඔයා එනකන් බලන් හිටියේ ඊයේ සිදුවීමෙන් පස්සේ ඔයා මොන වගේ තත්වකද ඉන්නේ කියලා දැන ගන්න ඕනි වුන නිසයි. මොකද උදේ මං ඔයාගෙ කාමරේ පැත්ත බලනකොට ඔයා හොදටම නිදි,

උදේ වැඩට ගියත් දවසම වගේ මතක් උනේ ඔයාව.

ක්ලාස් එක පටන් ගන්න ටික වෙලාවකට කලින් ඔයා පංතියට ආවේ ඔයාගේ යාළුවා එක්ක, එයත් එක්ක තමා ඔයා නිතරම ඉන්නේ, අද පංතියට අළුතින් ළමයි සෙට් එකක් ඇවිත් ඒ නිසා වෙනදා ඔයාලා ඉද ගන්න තැන ඉඩ තිබුනේ නෑ. කරුමෙකට හරි වාසනාවකට හරි එවෙලේ මට එහා පැත්තේ සීට් දෙක හිස් ඒ සීට් දෙක කවදත් හිස්, මොකද පංතියේ මට යාළුවෝ කවුරුත් නෑ, හිටිය එකම යාළුවත් ටික කාලෙකින් නත වුනේ එයාට වැඩත් එක්ක මේකබ්කරන්න අමාරු වුන නිස,

එයාලා මං ඉන්න පැත්ත බලලා මගේ පැත්තට එද්දි මට තරු පෙනුනා.

මං ටක් ගාලා පොත බලාගෙන ලොකු වැඩක් වගේ හිටියේ ඔයාගෙ මූණ බලන්න හයියක් නැති නිසයි.

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now