CHAPTER 07 🌕

309 52 19
                                    

" මේ වෙලාවේ? කවුරු ආවා කියලද කියන්න ඕනෙ සර්? "

"ඩොක්ටර් ජින් ඇවිත් කියන්නකො "

ජින් ස්ටේශන් එකේ දොර ලග හිටගෙන එතන ඉදපු ඔෆිසර්ට කියද්දි ඔෆිසර් ඇතුලට ගියෙ ජේකේට කතා කරන්න ඕනෙ නිසා. ටික වෙලාවකට පස්සෙ ඒ ඔෆිසර්ම ඇවිත් ජින්ව ඇතුලට එක්කගෙන ගියෙ මින්ජි සැන්ගෙන් ජින්ව පෙන්නලා ඇයි කියලා අහද්දි. සැන් දන්නෙ නෑ කියන්න උරහිස් හකුලලා ආපහු කම්පියුටර් එක දිහා බලාගත්තා.

" ඉඳගන්න ඩොක්ටර් "

ජේකේ එයාගෙ ඉස්සරහින් තිබුන පුටුව පෙන්නලා කිව්වාම ජින් යාන්තමට හිනාවෙලා තැනක් යු කියන ගමන් පුටුවෙන් ඉදගත්තා.

" ඩොක්ටර් හදිස්සියෙ මාව හම්බවෙන්න ආවේ? මොකක්හරි කම්ප්ලේන් එකක්ද? "

" අනේ නෑ මට ⁣mr.jungkook එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ ඒකයි මම ආවේ "

" මට ජේකේ කියන්න. ඒක මටත් පහසුයි ඩොක්ටර්ටත් පහසුයි "

" එහෙනම් මටත් ඩොක්ටර් කියන්නෙ නැතුව ජින් කිව්වා නම් තවත් පහසුයි "

ජින් එහෙම කියලා හිනාවුනාම ජේකේත් හිනා වුනා. ජේකේ ටේබල් එක උඩ තිබුන ⁣ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එකක් අරන් දෙන්නටම කෝපි එවන්න කියලා ෆෝන් එක කට් කලේ ජින් දිහා බලන ගමන්.

" ඉතින් කියන්නකො මොකක්ද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ "

" ඒක මෙහෙම කතා කරන්න නම් අමාරුයි ජේකේ. ඔයාට පුළුවන්ද අද මාත් එක්ක පොඩි ගමනක් යන්න එන්න "

ජින් කියද්දි ජේකේ වැලමිට දෙකම ටේබල් එක උඩින් තියන ගමන් ඉස්සරහට බරවෙලා ටේබල් එකට ඇගිලි වලින් තට්ටු කරන ගමන් කතා කරන්න ගත්තා

" මාව මරන්නවත් එක්කන් යන්න හදනවද? "

" ඔයාව මරලා මට මොනා ගන්නද ජේකේ. අනිත් එක... නෑ එක්කො ඒවා වැඩක් නෑ ඔයා මාත් එක්ක එන්න කැමතිද කියන්නකො "

" ම්ම්ම් කීයටද කොහෙටද එන්න ඕනෙ කියන්නකො එහෙනම් "

" නෑ මම එන්නම් ඔයාව ගන්න 7ට විතර ස්ටේශන් එක ළගට "

ජින් කියද්දි ජේකේ හා කියන්න ඔළුව වැනුවා. ඒත් එක්කම ඔෆිසර් කෙනෙක් ඇවිත් කලබලෙන් වගේ ජේකේ දිහා බැලුවේ ජේකේ නළල හකුලලා ඔෆිසර් දිහා බැලුවා

RED MOON [ JJK ] Completed Where stories live. Discover now