CHAPTER 19 🌕

258 49 11
                                    

ලිවින් රූම් එකේ ඉදපු හැමෝම ගියාට පස්සෙ ජේකේ යූනා ළගට ඇවිත් යූනා ඉස්සරහින් හිටගෙන යූනාගෙ අතින් අල්ලගත්තම යූනා ජේකේට රවලා අත ඇදලා ගත්තා.

" මම කියලා තියනවා ලව්, ඕක කරන්න එපා කියලා "

ජේකේ ආපහු යූනාගෙ අතින් අල්ලගන්න ගමන් කිව්වාම යූනා අහක බලාගත්තෙ ආයිත් අත ඇදලා ගත්තොත් ජේකේගෙ යකා එලියට එනවා කියලා දන්න නිසා.

" අපි මේ ප්‍රශ්නෙ විසඳගමුද ලව්? මට බෑ ඔයාව නැතිකරගන්න "

ජේකේ යූනාගෙ මූණටම එබිලා හරිම අසරණ කටහඬකින් එහෙම කිව්වාම යූනා එකපාරටම ජේකේගෙ ඇස් දෙක දිහා බැලුවේ ජේකේගෙ ඒ වචන වලට යූනාගෙ ඇඟම හිරිවැටිලා යද්දි. මොකද යූනා කවදාවත් ජේකේ ඒ තරම් අසරණ විදියට එයා ඉස්සරහ ඉන්නවා දැකලා නෑ.
ජේකේගෙ තරුකැට වගේ දිලිසෙන ආදරේම විතරක් පිරුන බෝල ඇස් වලින් යූනා දිහාම බලාගෙන ඉද්දි යූනා ටක්ගාලා අහක බලාගත්තෙ තවත් ඒ ඇස් දිහා බලන් ඉන්න බෑ කියලා හිතුන නිසා.

" මම දන්නවා එදා උන දේ ඔයාට තාමත් හිතාගන්න බැරුව ඇති. සමහර වෙලාවට ඒක මටත් හිතාගන්න බෑ. හැබැයි ඒක තමයි ඇත්ත. ඒ තමයි ඇත්තම මම. මට ඒක කලින් ඔයාට කියන්න ඕනෙ උනා. ඒත් ඒක කියන්න මට හයියක් තිබුනෙ නෑ. මම බය උනා ඒක දැනගත්තොත් ඔයා මාව අතෑරලා දායි කියලා. මියන්හෙ යූනා. මට ඒ දේ නිසා ඔයාව නැති කරගන්න ඕනෙ නෑ. මම ඔයාට ආදරෙයි සමහරවිට ඔයා මට ආදරේ කරනවටත් වඩා. මට ඒක ඔප්පු කරලා පෙන්නන්න මේ ජීවිත කාලෙම උනත් මදි."

ජේකේ එහෙම කියලා යූනා දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා යූනාගෙන් කිසිම උත්තරයක් නැති නිසා යන්න හැරුනම යූනා ජේකේගෙ අතින් අල්ලගත්තා.
යූනා ජේකේගෙ අත අල්ලගෙනම ජේකේගෙ ළගටම ඇවිත් ජේකේගෙ ටයි එකෙන් අල්ලලා ජේකේගෙ බෙල්ල පහලට ඇදලා ගත්තෙ ජේකේ එයාගෙ අත යූනාගෙ ඉණ වටේට දාලා යූනව අල්ලගනිද්දි.

" මට තමුන් ⁣මනුස්සයෙක්ද, වොල්ෆ් කෙනෙක්ද එහෙමත් නැත්නම් රාක්ශයෙක්ද කියන එක අදාල නෑ මිස්ටර් ජොන් ජොන්කුක්.
දවස් 4ක්, ඒ කියන්නෙ පැය 24 ඒවා 4ක් තමුන් මට එක කෝල් එකක්, එක මැසේජ් එකක්වත් එව්වෙ නෑ. අන්න ඒකට මම මොන වගේ පනිශ් එකක්ද තමුන්ට දෙන්න ඕනෙ කියන එක විතරක් කිව්වොත් ඇති මට. අනිත් කතන්දර කිසිම දෙයක් වැඩක් නෑ "
යූනා එහෙම කිව්වාම ජේකේගෙ ඇස් ජිල් බෝල තරම් ලොකු උනේ ඇත්තටම ජේකේ යූනාගෙන් ඒ වගේ රියැක්ශන් එකක් බලාපොරොත්තු උනේ නැති නිසා. ජේකේ ටික වෙලාවක් යූනා දිහා බලාගෙන ඉදලා යටිතොල හපාගෙන හිනාවෙලා කතා කරන්න ගත්තා.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now