CHAPTER 22 🌕

278 46 15
                                    

" ඔයාගෙ සම්චොන්ගෙ ගන් එකේ තිබුන බුලට්ස් මම එදා මාරු කෙරුවේ නැත්නම් අද ඔයාගෙ අප්පා ජීවතුන් අතර නෑ. මම අදටත් පසුතැවෙනවා මම එහෙම කරපු එක ගැන. මගේ ආදරේ නිසා කීදෙනෙක් ජීවිත නැති උනාද කියලා මතක් වෙද්දි මට මාවම එපාවෙනවා. "

" මට තේරෙන්නෙ නෑ ඔම්මා ඔයා කියන දේවල් "

" මගේ ජීවිතේ මම කරපු ලොකුම වැරැද්ද ඔයාගෙ අප්පට ආදරේ කරපු එක. ඔයා දැන් හිතන් ඉන්නවා වගේ ඔයාගෙ අප්පා හොඳ කෙනෙක් නෙවෙයි. එයා අන්තිම නරක රාස්සයෙක්. ඒක එහෙම වෙන්න ලොකුම හේතුවත් මේ මම. "

" ඔම්මා "

මිසිස් ජොන් බර හුස්මවල් ඉහලට අදින ගමන් මෙච්චර කාලයක් තමන්ගේම දරුවටත් හංගන් ඉදපු කතාව කියන්න පටන් ගත්තෙ ජේකේ එයාගෙ ඔම්මගෙ අත තද කරලා අල්ල ගනිද්දි.

" ඔයාගෙ අප්පව මට ඉස්සෙල්ලාම හම්බවුනෙ ජර්මනියෙදි...
.
.
.
.
මම එදා මගේ ඇස් දෙකටම දැක්කා ඔයාගෙ අප්පා ඒ මනුස්සයව මරනවා. මැරුවා විතරක් නෙවෙයි කෑලි කෑලි වලට ඉරලා දැම්මා. මම එතකොට තමයි දැනගත්තෙ ඔයාගෙ අප්පා හැම මාසෙකම පෝය ළං වෙනකොට ජේජු යන්නේ ඇයි කියලා. මම ඉස්සෙල්ලාම හිතන් හිටියෙ මෙහෙට වඩා එහෙ සෙකියුරිටි එක අඩු නිසා එයාට නිදහසෙ එයාගෙ වොල්ෆ් රූපෙට මාරු වෙන්න ඕනෙ නිසා එහෙම යනවා ඇති කියලා. ඒත් ඒ සිද්ධියෙන් පස්සෙ මම දැනගත්තා හැම මිනී මැරුමක්ම කරන්නෙ එයා කියලා.
මට මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරි වුනා. මම මගෙ ඔප්පගෙන් පවා ඔයාගෙ අප්පා ඇත්තටම කවුද මොන වගේ කෙනෙක්ද කියන එක හංගගෙන හිටියෙ.
ඊටපස්සෙ මට දැනගන්න ලැබුනා ඔප්පා මේ ගැන හොයනවා කියලා. එයාට ඕනෙ තරම් එ ගැන සාක්ෂි පවා තියනවා කියලා. මට ඕනෙ උනේ ඔයාගෙ අප්පව එයා වගේ තව අය ඉන්නවා නම් ඒ අයට එකතු කරන්න. එතකොටවත් එයා මිනිස්සු මරන එක නතර කරලා ඉස්සර වගේ ඉඳී කියලා. ඒ නිසා මම ඔයාගෙ සම්චොන්ට අප්පා ගැන හැම විස්තරයක්ම කිව්වා.
අප්පා වොල්ෆ් කෙනෙක් කිව්වාම සම්චොන් සෑහෙන්න කලබල උනා. ඊටත් වඩා හැම මිනීමැරුමක්ම කරන්නෙ එයා කියලා දැනගත්තාම එයාට නිකන් පාඩුවෙ බලාගෙන ඉන්න බැරි උනා. ඒ නිසා තමයි මට හැමදාම ඩිවෝස් වෙන්න කියලා බල කලේ.
අන්තිමට සම්චොන් හැදුවෙ ඔයාගෙ අප්පව මරන්න. මට එහෙම කරන්න ඕනෙ උනෙ නැති නිසා මම සම්චොන්ගෙ ගන් එකෙ බුලට්ස් මාරු කලා.
ඒකෙන් පස්සෙ ටික දවසක් යනකන් කිසිම මිනීමැරුමක් උනෙ නෑ. මම හිතුවෙ හැමදේම හරි ගිහින් කියලා. ඒත් ටික කාලෙකට පස්සෙ ආපහු අර විදියටම මිනිස්සු මැරෙන්න ගත්තා. අන්න එදා තමයි මම කරපු මෝඩ වැඩේ බරපතලකම තේරුනෙ "

RED MOON [ JJK ] Completed Where stories live. Discover now