CHAPTER 14 🌕

321 50 9
                                    

ජේකේ යූනාව ඇදගෙන ඇවිත් රූම් එකේ දොරත් වැහුවට පස්සෙ යූනා ජේකේගෙ අත ගසලා දැම්මෙ දරාගන්න බැරි තරම් තරහකින්.
තරහ වැඩිකමට යූනා වෙව්ලනවා.

" මොකක්ද jungkook මේ වැඩේ තේරුම. ඔයා මෙහෙම කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඔයාට මාව විහිළුවක්, මෝඩයෙක් වගේ පේනවද? සැරින් සැරේ මෙහෙම කඩාගෙන පැනලා මොකක්ද ඔයා කරන්න හදන්නේ. මම ඊයෙත් කිව්වනෙ මෙහෙම කරන්න එපා කියලා. ඔයාට අපෙන් පලිගන්න ඕනෙ නම් ඒක කරන්න. වෙන ඕනෙම විදියකට ඒක කරන්න. ඒත් ඒකට මාව පාවිච්චි කරන්න හදන්න එපා ගුකී "

යූනා කතාව තරහෙන් පටන් ගත්තා උනත් ටික ටික යූනාගෙ හඬ බාල උනේ පුංචි ඉකියක් එක්ක. බරට හුස්ම ඉහලට අඳින ගමන් යූනා ආපහු කතා කරන්න ගත්තෙ ජේකේ යූනාට කතා කරන්න ඉඩ දීලා බලාගෙන ඉද්දි

" ඔහොම සද්ද නැතුව ඉන්නෙ මොනහරි කියන්න. ඔයාට මොනවද ඕනෙ. සැරින් සැරේ මෙහෙම මගෙ ඉස්සරහට එන්න එපා ගුකී. මට ඒක දරාගන්න බෑ. ඔයාව දැක්කාම ඔයා ඉස්සර ඉදපු මගෙ ගුකී නෙවෙයිනේ කියලා හිතෙන එක මට දරාගන්න බෑ. "

යූනා එහෙම කියලා බිම බලාගෙන හයියෙන් අඬන්න ගත්තාම ජේකේ යූනාව ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තෙ යූනාගෙ ඇඬිල්ල තවත් වැඩිකරලා.

උනේ මොකක්ද ඊළගට වෙන්නේ මොකක්ද ඒ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව යූනා ජේකේගෙ පපුවට තව තවත් තුරුල් උනෙ ජේකේ යූනාගෙ ඔළුව අතගාද්දි.

" මියන්හෙ යූනා. ඊයෙ උන දේවල් වලට මියන්හෙ. ආපහු ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. ඔයාගෙ වටේ ඔයාට කරදර කරන්න බලාගෙන කීදෙනෙක් ඉන්නවද කියලා ඔයා දන්නෙ නෑ. ඒ නිසා දෙයක් කරන්න කලින් මීට වඩා හිතන්න."

ජේකේ හරි ආදරෙන් යූනාට එහෙම කිව්වේ යූනාගෙ පොටොස් දැකපු නිසා. පොටො වල යූනා ඉදපු විදිය දැක්කාම ජේකේට දරාගන්න බැරි වුනා. යූනාට එහෙම වෙන්නේ එයා නිසයි කියන එක මතක් වුනාම ජේකේට තවත් නිකන් ඔහේ බලාගෙන ඉන්න බැරි නිසායි පුළුවන් තරම් ඉක්මනට යූනා හොයාගෙන ආවේ.

ජේකේ එහෙම කියලා යූනාගෙ හිස් මුදුනට කිස් එකක් දුන්නම යූනා අනිත් හැමදේම අමතක කරලා එයාගෙ අත්දෙක ජේකේගෙ ඇඟ වටේට යවලා ජේකේව තදකරලා බදාගත්තා. ජේකේ මෙහෙම කරන්නෙ ඇයි කියලා අහන්නවත් යූනාට ඕනෙ උනෙ නෑ. යුනාගෙ හිත හැමවෙලාවකම බලාපොරොත්තු උන ඒ උණුහුම දැන් ළඟම තියෙද්දි ඒක ගැන ප්‍රශ්න කරන්නවත් ඒක ප්‍රතික්ෂේප කරන්නවත් යූනාට ඕනෙ උනෙ නෑ. එයාට ඕනෙ උනේ ඒ ⁣මොහොත විඳින්න විතරයි.
ජීවිතේ කියන්නෙ හරි අමුතු දෙයක්. අපි හිතන්නේ නැති වෙලාවට හිතන්නේ නැති දේවල් වෙනවා. හරියට නිකන් මිරකල්ස් වගේ. ඒ වගේ වෙලාවල් වලට මිනිස්සු ඒ ගැන ප්‍රශ්න කරන්න, ඒක උන විදිය හොයන්න කැමති නෑ. ඒ මොහොත විඳින්න විතරයි කැමති. යූනාත් ඒ වගේ. ඉතින් ජේකේගෙ මේ අමුතු හැසිරීම මොන හේතුවක් නිසා වෙනවද කියන එක ගැන යූනාට හිතන්න ඕනෙ උනේ නෑ.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now