CHAPTER 12 🌕

280 47 11
                                    

යූනාගෙ අලුත්ම පොත එලියට දාලා අදට සතියක්. මේ සතියම හරිම ඉක්මනට ගෙවිලා ගියෙ සතියකින් ගොඩක් දේවල් වෙනස් වෙද්දි. සතියක් ගෙවුනත් යූනාගෙ පොත තවමත් දාන දාන සැරේට උණු කැවුම් වගේ සෝල්ඩ් අවුට් වෙන්නේ මීට කලින් යූනාගෙ තිබුන රෙකෝඩ්ස් ඔක්කොම කඩලා දාලා. අයිඩොල් කෙනෙක්ගෙ ඇල්බම් එකකටත් වඩා වේගෙන් යූනාගෙ පොත විකිණුනෙ යූනාටත් ඒක වෙන විදිය හිතාගන්න බැරි වෙද්දි.

ශොපින් මෝල් වල තියන හැම බුක් ස්ටෝ එකකම යූනාගෙ ලොකු බැනර්ස් ඩිස්ප්ලේ උනේ යූනාට එලියට යන්න තිබුන නිදහස පවා නැති කරලා

යූනා සුපුරුදු විදියට එයාගෙ බැල්කනි එකට වෙලා පහල යන වාහන දිහා බලාගෙන කල්පනා කලේ ඉස්සරහට මොකක්ද කරන්නෙ කියන එක ගැන. ජේජු ගියෙ වොල්ෆ් කතාවක් ලියනවා කියලා හිතාගෙන උනත් ජේජු වලදි උන දේවල් නිසා යූනාට ඒ වැඩෙත් එපා උනා. ජින් දීපු තොරතුරු ටික පවා පැත්තකට කරලා දැම්මෙ ඒවා දැක්කත් ජේජු වලදි උන දේවල් මතක් වෙන නිසා.

" තාරුණ්‍යයේ හදවත් සොරකම් කළ ආදරණීය ලේඛිකාව පාක් යූනා, ඇය පසුගිය දවසක එලි දැක්වූ නවතම කෘතිය සමඟ ඇගේම විකුණුම් වාර්තා සියල්ල බිඳ දමන්න සමත් වී තිබෙනවා. මේ අනුව විද්වතුන්ගෙ මතය වනුයෙ ඇය මෙම වසරේ හොඳම ලේඛිකාවට හිමි සම්මානය..."

" අපෝ නතර කරපන්කො "

ඒජින් ටැබ් එකේ තිබුන ආටිකල් එකක් යූනාට ඇහෙන්න කියවද්දි යූනා හිනාවෙලා ටැබ් එක අතින් එහාට තල්ලු කරන ගමන් කිව්වාම ඒජින් යූනාගෙ කර වටේ අත දාලා යූනාව හග් කලා

" අනේ මේ පාරනම් අවෝඩ් සෙරමනි එකට යමන් හරිද ගියපාරත් නොමිනේට් වෙලා යන්න බෑ කිව්වා. මේ පාර නම් අනිවා අවෝඩ් එකක් ශුවර් "

" අපෝ මට ඕවයෙ යන්න බෑ "

" අනේ ගොනො අනිත් මිනිස්සු පොරකනවා අවෝඩ් එකක් ගන්න "

" අනේ ඕවා බොරු වැඩ බන් "

යූනා එහෙම කියලා බැල්කනි එකෙන් පහල පාර දිහා බැලුවේ අවෝඩ් සෙරමනි කියන්නෙම විකාර බොරු වැඩක් කියලා හිතන ගමන්. අනිත් මිනිස්සු ඒ වගේ දේවල් වලට මොන තරම් කැමති උනත් යූනා ඒවට කැමති නෑ. ඕනවට වඩා එයාව වර්ණනා කරනවටවත් යූනා කැමති නෑ. යූනාගෙ ඒ ගති වලට සමහර මිනිස්සු එක එක විදියෙ විවේචන එල්ල කලත් යූනා ඒවා ගනන් ගන්නෙ නැතුව එයාට කැමති විදියට එයාගෙ වැඩේ කලා.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now