THE END Pt 2 🌕

553 63 47
                                    

ජේකේ අතේ තිබුන පොත වහලා පොත පපුවට තුරුල් කරගෙනම අඬන්න ගත්තෙ හිත හයිය පිරිමියෙක් උනත් ආදරේ ඉස්සරහ බොළඳයි, හැඟීම්බරයි කියන එක ඔප්පු කරන්න වගේ. පොත අතට ගත්ත වෙලාවේ ඉදන් සැරින් සැරේ අඬන හිනාවෙන ජේකේ දිහා හාරා බලාගෙන ඉදලා බැරිම තැන ඇවිත් ජේකේ ළඟින් ඉඳගෙන ජේකේට කතා කලා.

" කුකී "

හාරා ජේකේට කතා කරනවත් එක්කම ජේකේ අඬන එක තවත් වැඩි කරලා හාරාව බදාගත්තෙ හාරා ජේකේගෙ ඔළුව අතගාද්දි.

" ඇයි නූනා එයා මේ පොතට මේ වගේ අවසානයක් දීලා තියෙන්නේ "

ජේකේ ඉකිගගහා අඬන ගමන්ම හාරාගෙන් ඇහුවාම හාරා බර හුස්මක් අරන් පහලට දාලා ජේකේව ඈත් කරලා ජේකේගෙ කඳුළු පිහාදාලා කතා කරන්න ගත්තා.

" පොතේ අවසානෙ එයා ලිව්වට, ඔයාලගෙ කතාවේ අවසානෙ ඔයා ලියන්න කුකී. මේ ගෙවුන අවුරුදු 3ම මම ඔයා දිහා බලාගෙන හිටියෙ. එයා නැතුව ඔයා සම්පූර්ණ නෑ කුකී. යන්න ගිහින් එයාව හොයාගන්න. අපි හැමෝම ඔයා එක්ක ඕනම දේකට ඉන්නවා "

Meanwhile yoona

" නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොරියාවේ වැඩිම ඉල්ලුමකින් අලෙවි වූ කෘතිය ලෙස තරුණ ලේඛිකා පාක් යූනා මෙනවියගෙ " RED MOON "  කෘතිය නම් කර තිබෙනවා. වසර 3ක දැඩි නිහඬතාවයකින් පසුව ඇය එළිදැක්වු පලමු කෘතිය⁣ ලෙස මෙය වාර්තා අතරට එක්වී තිබෙන්නේ වසර තුනක⁣ට පෙර ඇය විසින්ම තැබු වාර්තා කීපයක්ම බිඳ දමමින්. කෘතිය එළිදක්වා තවම දින තුනක් පමණක් ගතවී තිබීම විශේෂයි "

" ආහ්හ්හ්හ්හ් මේ මීඩියා නම් "

යූනා ටීවි එක ඕෆ් කරලා සෝෆා එකට ඔළුව ගහගත්තෙ මීඩියා තරම් කරදරකාරි දෙයක් මේ ලෝකෙ කොහේවත් නෑ කියලා හිතන ගමන්. අවුරුදු ගානක් මේ හැමදේකින් ඈත් වෙලා ගෙවපු ජීවිතේ කොච්චර නම් නිදහස්ද කියලා යූනාට මේ දවස් තුනට දහස් වතාවක් හිතුනා. මේ අවුරුදු තුනටම එක දවසක්වත් මගාරින්නෙ නැතුව යූනාගෙ අපාට්මන්ට් එකටයි, ඉන්ස්ටා එකටයි ආපු මැසේජ්, ලෙටර්ස් නිසයි, ඒජින්ගෙ චුරු චුරුව නිසයි යූනා මේ පොත ලිව්වා මිසක් යූනාට නම් ඒ ගැන කිසිම උවමනාවක්, ආසාවක් තිබුනෙ නෑ. යූනා අන්තිමට අකමැත්තෙන් උනත් එයාගෙම ජීවිත කතාව ලියන්න පොතක් විදියට ලියන්න තීරණය කලේ යූනා කවදාහරි ඒක කරනවමයි කියලා හිතන් ඉදපු දෙයක් නිසා.
මේ අවුරුදු 3ටම යූනා ගෙව්වෙ නිදහස්, එයා හැමදාම හොයපු විදියෙ ජීවිතයක්. ඒකයි පොත ලොන්ජ් කරලා අනිත් පැත්තට යූනා කොරියාවෙන් ලන්ඩන් වලට ආවෙ. මොකද කොරියාවේ හිටියා නම් යූනාට එක තප්පරයක් නිදහසෙ හුස්ම ගන්න වෙන්නේ නෑ කියලා යූනා දන්නවා.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now