CHAPTER 10 🌕

309 50 11
                                    

යූනා ජේජු වල ඉඳන් ආපහු සෝල් වලට ඇවිත් අදට හරියටම සතියක්. මේ සතිය පුරාවටම යූනා කිසිම දෙයක් නොවුන ගානට එයාගෙ සුපුරුදු වර්කින් මෝඩ් එකට කන්වර්ට් වෙලා වැඩ කරන්න ගත්තෙ ඒජින්ටත් යූනා ඉන්න විදිය හිතාගන්න බැරි වෙද්දි. මොකද ඒජින් හිතුවා ජේකේ නිසා යූනා අඩුම සතියක්වත් මූඩ් ගහලා මූණ බෙරිකරන් ඔහේ බලාගත්ත අත බලාගෙන ඉදි කියලා. ඒජින් හිතුවටත් වඩා හාත් පසින්ම වෙනස් දෙයක් උන නිසා ඒජින් පුදුම උනත් යූනා අවුලක් නැතුව ඉන්න නිසා ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව අමතක කරලා දැම්මා.

සති⁣ දෙකකට කල් දාපු හැම වැඩක්ම යූනා මේ සතියෙ එක හුස්මට ඉවර කරලා දැම්මෙ ඒජින් ටිකක් රෙස්ට් කරන්න කියලා දහස් වතාවක් කියද්දි.
ඒජින් එහෙම කියන හැම වෙලාවකම මට මහන්සි නෑ බන් කියලා යූනා ආපහු වැඩ කරන්න ගන්නෙ ඒජින්ගෙ බණ ගානකටවත් ගන්නෙ නැතුව.

අදත් යූනා උදේ ඉඳන්ම එයාගෙ අලුතින් එලියට එන්න තියන පොතක ස්පෙශල් ප්‍රින්ට් දාහකට එයාගෙ සයින් එක දැම්මෙ නිදහසෙ හුස්ම ගන්නවත් විනාඩියක් නිකන් ඉන්නෙ නැතුව.

එක දිගට සයින් කරලම යූනාගෙ උරහිස් දෙකයි ඇඟිලි ටිකයි රිදෙන්න ගත්තත් යූනා ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතුව එයාගෙ වැඩේ කලා.

" යූනාාාා "

එකපාරටම යූනාගෙ ඔෆිස් රූම් එකට කෑගහගෙන දුවගෙන ආවේ ඒජින්.
ඒජින් එනවත් එක්කම යූනා සයින් කරන එක නතර කරලා දකුණු අතේ උරහිස අනිත් අතින් තද කරගන්න ගමන් ඒජින් දිහා බැලුවේ ඇයි අහන්න.

" මොකද යකො බෙරිහන් දෙන්නෙ "

" මිස්ටර් මින් යුන්ගි ඇවිත් "

" ආහ් මම වැඩක් කියලා ඔප්පට මෙහෙට එන්න කියන්නකො "

" යකෝ දැන් උදේ ඉදන් නේද ඕක බදාගෙන ඉන්නෙ පොඩ්ඩක් එලියට වරෙන්. උබට වෙන ලෙඩක් හැදෙයි දවස තිස්සේම මේක අස්සෙ ඉදලා "

ඒජින් බැන බැනම එලියට යද්දි යූනා ආපහු පෑන අරන් සයින් කරන්න පටන් ගත්තා. ටික වෙලාවකට පස්සෙ යුන්ගි ඇවිත් රූම් එකේ දොර ලග ඉදන්ම අත් දෙකත් බැඳගෙන යූනා දිහා බලන් හිටියෙ යූනා පොත් වලින් ඇස් අහකට ගන්නෙ නැතුවම යුන්ගිට කතා කරද්දි.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now