Chapter 26 ☠️
ABHIRUU'S POV :
" අනේ නිවේන්.. පුතේ තව ටිකකින් අප්පච්චි එයිනේ... ඊටපස්සේ අපි යමුකෝ... "
" අනේ අම්මට අමාරුයිනේ රත්තරනේ... අප්පච්චි ලඟ ඇති දැන්... "
" මොන හිතුවක්කාරකමක්ද නිවේන් මේ... අප්පච්චි කෝල් ආන්සර් කරන්නෙත් නෑ.. හිතුවක්කාර නොවී ඉන්න ඒ නිසා... "
මොන තරම් තේරුම් කරන්න හැදුවත් එයා නෙමේ තේරුම් ගත්තේ... හොඳින් කිව්වා.. ආදරෙන් කිව්වා... අන්තිමට මං සැර උනු තැන මෙච්චර වෙලාම මුරණ්ඩුකම් කරපු මගේ නිවේන් ඇස් දෙකේ කඳුලු පුරවන් ඉද්දි... අවුරුදු එකහමාරක්ම අපෙන් ඈත් වෙලා තැලිලා පොඩි වෙලා තිබුනු ඒ සියුමැලි හිත තවත් තලන්න බැරි නිසාම... ජානුට මැසේජ් එකක් දාලා මං පුතා එක්ක එතනම පාර්ක් එකට ආවා... විනාඩි පහකට විතරක්...
" මගේ පැටියා ඈතට යන්න එපා හොඳද... මල්ලි බබා නිසා අම්මට අමාරුයිනේ.. ඒ නිසා ලඟම ඉන්න අම්මට පේන දුරකින්... "
සතියේ දවසක් නිසාම මේ වෙලාවට සෙනඟ ගොඩක් අඩුයි.. අඩුයි කියන්නේ නැතිම තරම් වගේ... අඹ ගහක් යට ටිකක් ඈතට වෙන්න හදලා තිබුනු බෙන්ච් එකකින් මං වාඩි වෙද්දි... ඊට ටිකක් එහායින් තිබුනු පුංචි ඔන්චිල්ලාවේ මගේ නිවේන් එල්ලිලා හිටියා... එයා හරිම සතුටින්.. හිනාව එකයි ඒ මූණේ.... මගේ කියන්න යන්තම් එයාට මගේ ඇස් විතරමයි තිබුනේ... නැත්තම් සම්පූර්ණයෙන්ම අප්පච්චිගේ කපාපු පලුව...
මගේ ජානුත් පොඩි කාලේ අපේ නිවේන් වගේමයි... මං දැකලා තියේනේ හෙලුකොට්ටෙන් ඉඳන් ගහලා තියෙන ෆොටෝ පොඩි කාලේ... අනේ මන්දා මොන එහෙකට අම්මලා එහෙම ෆොටෝ ගන්නවද කියන්න... එක්කෝ හෙලුකොට්ටෙන්... නැත්තම් මුලු ඇඟටම ජංගි කොටයක් විතරයි... ලොකු වෙලා කාටහරි පෙන්නන්නෙවත් කොහොමද... යාලුවෝ ඒම දැක්කාම උන් මඩෝන එකේ ඉවරයක් නෑ...
වැහි මන්දාරමෙන් ඉර එළිය යටපත් වෙලා යද්දි හමාගෙන ආව සීතල හුලං රැල්ලට මං මූණ ඇල්ලුවා... මහා අමුතු හැඟීමක් මට දැනෙන්නේ... උදේ ඉඳන්ම කොන්ද දිගේ ආව කැක්කුමත් තව ටිකක් වැඩි වෙලාද මන්දා... සෙරෙප්පු දාගෙන ඉඳපු කකුල් දෙක නිරුවත් වෙලා තණකොළ සිප ගනිද්දි... වැහි අන්දකාරේ නිසාමද මන්දා වෙනදට මේ වෙලාවෙට අව් රැල්ලෙන් බැට කන තණ පිඩැලිවල හරි තෙත ගතියක් තිබුනා... ඒ නිසාම කකුල් දෙකට සහනයක් දැනෙද්දි... මෙච්චර වෙලාම ඔන්චිල්ලාවේ එල්ලිලා හිටපු නිවේන් දිහා මං බැලුවා...
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!