** 014 **

291 72 10
                                    

CHAPTER 14 ☠️















දින.. සති.. මාස.. නොදැනීම ගෙවිලා ගියත් මම හුස්ම ගන්නවා කියලා දැනුනේ මේ කාලය ඇතුළත.. මගේ පපුව ගැහෙනවා කියලා දැනෙන්න ගත්තේ මේ කාලය ඇතුළත.. නොකියා කියන්න ඕනි උනේ මම ජීවත් වෙනවයි කියලා මට දැනෙන්න ගත්තා.. මේ හැමදේම එයා නිසයි.. මගේ ජානු.. මගේ අයියා නිසා...



අරමුණක් නැතුව ගෙවුනු මගේ ජීවිතේ.. මං හීන දකින්න ගත්තේ එයා නිසා... හැඩතල... රේඛා.. කටු සටහන්වලින් විතරක් පිරිලා තිබුනු මගේ කැන්වසය අපූරු සිතුවමක් වෙන්න පටන් ගත්තා එයා මුන ගැහුනු දවසේ ඉඳන්... හරි සීරුවට එයා සිතුවම් කරපු කැන්වසය අපි දෙන්නම එකතු වෙලා පාට කරන්න ගත්තේ ආදරෙත් ලස්සනට මුහු කරලා... වෙලාවකට හිතෙනවා.. දේදුන්නේ පාට පරිස්සමට තෝරලා අරන් මල්පෙති පාට කරන සුරංගනාවියක් වගේ කියලා එයත්...



සුරංගනාවියක් නෙමේ.. මගේ සුරදූතයා.. ඒ නපුරු හිත අස්සේ ආදරේ පිටාර ගලනවා මං වෙනුවෙන්.. මං වෙනුවෙන්ම විතරක්.. වෙලාවකට එයා සිත්තරෙක් මගේ ජීවිතේ විචිත්‍රවත් කරන... තව වෙලාවකට සන්නාලයෙක් වගේ විසිරිලා තිබුනු මගේ හීන එකතු කරලා එකින් එක ගෙත්තම් කරන...




අවුරුදු පහක් ගත වෙලා ගිහින්... අපි නොදැක.. අඩුම තරමේ කටහඬවත් අහන්න නැතුව මාස ගනන් ගෙවලා දැම්මා හරි අමාරුවෙන්... ඒත් එක මොහොතකටවත් එයාගෙවත් මගේවත් ආදරේ අංශුමාත්‍රයකින්වත් අඩු උනා කියලා නම් මං හිතන්නෑ... දවසින් දවස වැඩි උනා හැරෙන්න..  මොකද ඒ කාලේ අද වගේ අපිට ෆෝන් තිබ්බෙත් නෑ හැමවෙලේම කතා කරන්න...



ලඟ නැති වෙද්දි ආදරේ අඩු වෙනවා කිව්වට අපිට ඒකේ අනිත් පැත්ත... එයා නැති අඩුව කියාගන්න බැරි තරමටම හිත බර කලත් ඉවසගෙන හැමදෙයක්ම බලා ඉන්න උනා මට... අයියා කැම්පස් සිලෙක්ට් උනා.. එයා දැන් කැම්පස් අවුට් වෙලත් අවුරුද්දක්... දැනට අප්පච්චිගේ බිස්නස්වලට සපෝට් කරන ගමන් ඉන්නේ එයා..




මාත් ඒලෙවල් කලා ආර්ට් වලින්.. කැම්පස් සිලෙක්ට් උනත් මං ගියේ නෑ.. මොකද අශ්ගේ දෙමාපියන්ට තවත් කරදර කරන්න බෑ මට.. ඒ මිනිස්සු මං වෙනුවෙන් කරපු දේවල් හොඳටම ඇති.. අශ්  කැම්පස් සිලෙක්ට් උනේ නැතත් පාස් වෙලා තිබ්බ නිසා අපි දෙන්නම දැන් වෘත්තිය පුහුණු එකේ පොඩි කෝස් වගයකට යන ගමන් උන්නේ... උගේ ලව් එකත් නැඟලම යනවා.. කලින් තරම් නැතත් අපි හොඳට හිටියා උඩින් පේන්න හරි.. මොකද මිනිස්සු වෙනස් වෙන විදියට අපි හැඩ ගැහෙන්න ඕනි.. ඉතින් මාත් හුරු උනා...





GAME OF THE DEATH ☠️  || [Zhanyi] ✔️✔️Where stories live. Discover now