** 005 **

326 80 19
                                    




" ගුඩ් මෝනිම් ලමයි "

" ගුඩ් මෝනිම් ටීචර් "

" හරි හැමෝම වාඩි වෙන්නකෝ.. චාමිකා කෝ රෙජිස්ටර් එක.. හැමදාම කියනවා උදේට බෙල් කරන්න කලින් රෙජිස්ටර් එකයි රෙකෝඩ් බුක් එකයි ගෙනත් තියන්න කියලා.. කියන දෙයක් කන පාරකට යන්නෑ එකෙක්ගේ.. "




හැපූ.. උදේම පටන් ගත්තා යැයි යැයි ගාන්න.. අපේ මිසුත් වෙලාවකට කැඩිච්ච රේඩියෝ එකක් වගේ.. හැම වෙලේම කෑ ගහගත්තු ගමන්මයි..



" එක්ස්කියුස් මී මිස් "

" සර්.. "



සුබ මොහොතෙන් උදේ පාන්දර කෑමක් සෙට් වෙන්න වgay.. පිනා මොකත මේ උදේ පාන්දර අපේ ක්ලාස් එකේ කරන්නේ...


එක්කෝ අපේ මිස්ගේ මූන බලලා යන්නවත් ආවද... වෙන්න බෑ හැබැයි වෙනදා තියෙන පෙම් පාට නම් අද මූනේ නෑ...



" හරි දැන් නැගිටපියව් බලන්න ඊයේ හොරෙන් කෙහෙල් කැන් කපපු උන් "



හරිනේ.. දැන් සැපයිනේ.. කාලා වරෙම්කෝ.. මං සේප් එකේ අපේ උන්ගේ මූනු ටික දිහා බැලුවා..

මුන්නේ යකෝ නළුවෝ.. උන් නිකම් ප්‍රින්සිපල් සර් දිහා බලා ඉන්නේ ' අපි නම් නෙමේ උබ තමා ඕක කපන්න ඇත්තේ හොර පිනා ' වගේ ලුක් එකකින්... වෙනසක් නෑ ඉතින් මං බලා හිටියෙත් ඒම තමා... මොනා උනත් සටන පාවා දෙන්න බෑනේහ්..



" හරි උබලා නැඟිටින්නෑනේ ඒනම්.. එතකොට මේ මොකද්ද.. ඉසුරු නැඟිටපන්.. උබනේ හෝම් සයන්ස් එකෙන් පිහිය අරන් ආවේ.. නැඟිටපන් කිව්වාම ඉතින්.. "



අද නම් ගැලවීමක් ඥෑහ්.. සාක්කි එක්කම අතේ මාට්ටු.. ඇයි පියදාසයො මේ අහිංසක ලමයින්ගෙන් තරහා පිරිමැහැව්වේහ්...


එකෙක්වත් කටක් ඇරපු නැති නිසා පන්තියේම කොල්ලෝ ටික ලාඩප්පා පොල්ලක් කැඩෙනකම් ගුටි කෑවා විතරක් නෙමේ කෙල්ලෝ ටිකට තණකොල ගලවන්නත් උනා... කොච්චර මරාගත්තත් මේ වෙලාවට එකෙක්වත් පාවලා නොදෙන නිසා හොඳයි...



" මේක තමයි මට හම්බුනු ජරාම පන්තිය.. "

සුපුරුදු පරිදි බලය,ජවය,ශක්තිය පිරි ඒ උදාන වාක්‍යය පීරියඩ් අටේදිම අහගන්න ලැබුනත්.. අපි ඕවගෙන් සැලෙනවද.. හීනෙන්වත් නෑ.. හීනෙන්වත් නෑ...








GAME OF THE DEATH ☠️  || [Zhanyi] ✔️✔️Where stories live. Discover now