** 012 **

321 75 11
                                    

CHAPTER 12 ☠️





.
.
.
.
.




වෙනදට එහෙ බලලා මෙහෙ බලද්දි ගෙවිලා ඉවර වෙන නිවාඩුව හරිම මන්දගාමී විදියට ගත වෙනවයි මට දැනුනේ.. සමහරවිට ඒ මම ජානු අයියව බලන්න නොයිවසිල්ලෙන් හිටපු නිසාම වෙන්නැති..


දවසම වගේ පාඩම් කලාට පස්සේ රෑ කෑමත් කාලා හිටපු මම අම්මා හදලා දුන්නු කෝපි එකත් අරන් ආවේ එළියේ බංකුව උඩට... ඒත් සොබාදහමත් මට ඔච්චම් කරනවද කොහෙද.. මං ආසම මෙතන වාඩි වෙලා ඈත අහසේ පායලා තියෙන හඳ දිහා බලන් ඉන්න.. ඒත් මගේ වෙලාවටද කොහෙද හැමදාමත් හඳ පලුවකින් හරි ලස්සන වෙලා තිබුනු අහස අද අන්ධකාර වෙලා ගිහිල්ලා...


ඉතින් අද අමාවක.. හරියටම මගේ හිත වගේම අහසත්.. අඳුරේ ගිලිලා ගිහින්.. නිවාඩුව ඉවර වෙන්න තව තිබුනේ දවස් කීපයක් උනත් එයාව කවදා දකින්න හම්බෙයිද කියන අනියත බිය එක්ක මගේ මුලු හිතම නිමක් නැති අඳුරක අතරමං වෙලා.. අහසේ මොන තරම් තරු කැට පායලා තිබුනත් මට දැනුනෙම මහා හිස්කමක්..තරු කැට දාහක් එකතු කලත් හඳ වගේ එළිය දෙන්න බැරි නිසාමද කොහෙද ඒ තරුමල් දිහා බලන්නවත් මට උවමනාවක් ඇති උනේ නෑ..



මං වගේ තව කීයක් නම් ඇතිද හඳට ආදරේ කරන... සඳකැන්වලින් නෑවිලා පූදින්න බලන් ඉන්න මල් කැකුළු කොච්චර නම් ඇතිද.. ඒ වගේම හඳට කවි ගී ලියන උන්.. ගොඩක් මිනිස්සු බැඳෙන්නෙම කවදාවත් ලබා ගන්න බැරි දේවල් එක්ක.. කවදාවත් තමන්ගේ නොවන දේවල් එක්ක.. ඒත් එහෙම වෙලත්... හිමිවීමක් නැති බව දැන දැනම උනත් ආදරේ කරන උන් කොච්චර ඇතිද... ' ආදරය ' කියන්නෙම අරුම පුදුම අකුරු හතරක්... හිත් හදන්න වගේම ආයෙමත් ගොඩඟන්න බැරි තරමටම බිඳලා දාන්න පුලුවන් අමුතුම විදියේ මායාවක්..





නිවාඩුව ඉවර වෙලා තවත් සතියකුත් ගත වෙලා ගියේ අයියගේ සේයාවක්වත් දකින්න නැතුව.. හ්ම්ම්.. ඉතින් අදත් ඒ වගේ දවසක්..


" මොකද බන් උඹ මේ ටිකේම ගෑනි මැරිච්ච මිනිහා වගේ ඉන්නේ.. මොකෝ අවුල.. "


ඉසුරු මං ගාවට ඇවිත් අහද්දි මුකුත් නෑ කියන්න මං ඔලුව වැනුවා.. අශ්ටවත් ඉසුරුටවත් මං තාම අයියා ගැන කියලා නෑ.. කියන්න ඕනි කියලා මට හිතුනෙත් නැ..

GAME OF THE DEATH ☠️  || [Zhanyi] ✔️✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ