** 016 **

298 67 15
                                    

CHAPTER 16 ☠️











සීසීකඩ විසිරිලා තිබුනු හිත හරි මාරුවෙන් මං ආයෙමත් එකලස් කර ගත්තා.. ඒ උනාට මොකද තවමත් සුව නොවුනු පළුදු වෙලා ගිය පාරවල් දහස් ගණනක් මකන්න බැරි විදියටම කැළල් ඉතිරි කරලා.. පළුදු උනු හිතකට වටිනාකමක් තියෙනවද...?? මං දන්නෑ.. ඒත් අපිව අවශ්‍යම අය මොන තත්ත්වයක් මත උනත් අපේ වටිනාකම දශමෙකින්වත් අඩු කරන එකක් නෑ නේද..??






කාලෙකට කලින් මාත් සම්පූර්ණ මිනිහෙක්.. වචනයේ පරිසමාප්තියෙන්ම සර්ව සම්පූර්ණ නැතත් හරි ලස්සන පවුලක් එක්ක හිතේ සැනසීමෙන් ජීවත් වුණු මිනිහෙක් මේ ජානුල්‍ය කියන්නේ... ඒත් දැන්.. සැනසීමක් ඇස් මානෙකවත් නැති වෙද්දි මගේ සතුට හොරු අරන් ගිහින්... කොයි වෙලේ කොයි මොහොතේ ජීවිත වෙනස් වෙයිද කියලා කියන්න පුලුවන් කාටද...




ඉස්සර දෝරේ ගලා ගියපු සතුටකින් හිටපු මම අද හිස් මනුස්සයෙක් වෙලා... ඊටත් වඩා මං තනි වෙලා.. මේ තනිකමට මං සාප කරනවා දෙයියනේ... තනි වෙන හැම මොහොතකම එළියට එන මතකය මාව අන්තෙමට කඩා වට්ටනවා ආයේ ගොඩ ගන්න බැරි වෙන්නම...




උඹ මෙහෙම දුර්වල වෙලා බෑ යකෝ... උඹේ අභිව පරිස්සම් කරන්න ඕනි උඹ... තාම මේ ලෝකෙට ඇවිල්ලවත් නැති උඹේ පැටියව ආරක්ෂා කරගන්න ඕනි උඹ... ජානුල්‍ය කියන්නේ දුර්වලයෙක් නෙමෙයි...



කඳුලු... පිරිමින්ට අකැපයි කියන කඳුලු සීමා මායිම් නොතකාම ඇස්වලින් වාන් දාද්දි... හිත අස්සේ පොදි බැඳලා තියෙන දුක, තරහව, කේන්තිය, වෛරය හිතටත් දරාගන්න බැරිම තැනද කොහෙද කඳුලු කරලා ටික ටික පල්ලම් බස්සවද්දි... කඳුලු නහර වේලවන්න මං සතුටක් හොයාගෙන මතක ඇතුළටම කිමිදෙන්න පටන් ගත්තා..




ළඟ නැතත් හිත සනසවන ඒ රූපය... දුක අස්සෙත් සතුට හැංඟිලා තියෙනවා.. හැබැයි අපිට හොයාගන්න බැරි තරම් අමාරු තැනක හංගලා.. මගේ අභි.. හිත නිවන වගේම රිද්දන එකම තැන...




ආදරේ මං ඉගෙන ගත්තේ එයාගෙන්.. කඳුලු මැද්දෙන් හිනා වෙන්න ඉගෙන ගත්තේ එයාගෙන්.. මං කියන්නෙම මහා නපුරු චරිතයක් වෙනකොට.. කවුරු කිව්වත් නපුරු උන් ගාව ආදරේ උතුරන්න තියෙයි කියලා.. කේන්ති යන උන්ව බය නැතුව ආශ්‍රය කරන්න කියලා... සමහර වෙලාවට තරහා යන්න හේතුවක්වත් නැති වෙද්දි.. කේන්ති යන එකෙක්මයි දන්නේ එහෙම උන් එක්ක ඉන්න තියෙන අමාරුව... ඉතින් මගේ අභි කියන්නෙම අහසක්.. මාව හරි අපූරුවට දරාගෙන උන්න...








GAME OF THE DEATH ☠️  || [Zhanyi] ✔️✔️Where stories live. Discover now