" අම්මා.... "
අම්මා කෙනෙක් වෙන්න ගැහැනු කෙනෙක් වෙන්නම ඕනිද.... ?
තමන්ගේ දරුවන්ට අම්මයි අප්පච්චියි දෙන්නම උනු මිනිස්සු මේ ලෝකේ කොච්චර නම් ඉන්නවා ඇතිද...?
පිරිමියෙක් උනත්.. කුසේ දරාගෙන ඉන්නේ මම නම්... ලේ කිරි කරලා පොවන්නේ මම නම්.. මමත් අම්මා කෙනෙක් නෙමෙයිද...?
අතීත මතක අස්සේ ගිලිලා හිටපු මට නින්ද ගිය වෙලාවක් මමම දන්නේ නැති වෙනකොට අලුත් දවසකට ඉර පායලා තිබුනා.. බිත්ති පුරාවටම හිනාවෙමින් උන්නු හිම බෝල වගේ චූටි පැටව් දැක්කාම හිතම පිරිලා යද්දි මං හිමීට තට්ටු හතක් යටින් ඉන්න මගේ පැටියව පිරිමදින්න ගත්තා..
ඉතින් අද ආයෙමත් මගේ පැටියගේ හද ගැස්ම මට අහන්න පුලුවන්.. හරියට වැඩිලවත් නැති මගේ කිරිකැටියව ආයෙම බලා ගන්න පුලුවන්... අනේ උබත් හිටියා නම් මගේ ලඟ..
" ආ අභි.. ඔයා නැඟිට්ටද දරුවෝ.. මං මේ ඔයාව බලන්න ආවේ.. ආ මේ කිරි එක.. බීලා ලෑස්ති වෙන්න හොස්පිටල් යන්න.. "
ඩොක්ටර් මන්ජිතට ලාවට හිනාවක් දීපු මම කිරි වීදුරුවත් අරන් ජනේලේ ලඟට ආවා... එයත් හිටියා නම්... කොච්චර සතුටින් ඉන්න තිබුනද අපිට.. සමහරවිට දෙවියොන්ටත් අමතක වෙන්නැති... මගේ ජීවිතේට පුංචිම හරි සතුටක් ලබා දෙන්න..
ඉතින් අද ස්කෑන් එක... හොස්පිටල් එකට ආව වෙලේ ඉඳන් කවුරුහරි මා දිහා බලන් ඉන්නවා වගේ දැනුනත් මං වැඩිය ගනන් නොගත්තේ අයිත් මා ගාවින්ම ඉන්න නිසයි.. එයාටත් වදේ මගෙන්...
" අභි.. ඔයා පරිස්සමට ඉස්සරහට යන්න.. මං ඉක්මනටම එන්නම්.. "
මං උත්තරයක් දෙන්න කලින්ම කඩාගෙන බිඳගෙන ගියපු ඩොක්ටර් දිහා බලන් හිටපු මම ආයෙම හිමීට ඉස්සරහට යන්න ගත්තා.. ඒත්... මං හිතන්නේ... මට අඩි පහ හයකට වඩා දුර යන්න හම්බුනේ නැතුව ඇති..
මෙච්චර වෙලාම ලබ් ඩබ් ගාපු හදවත අසාමාන්‍ය විදියට ගැහෙන්න ගනිද්දි.. මගේ ඉස්සරහ හිටපු රුව දැකලා ඇස්වලට උනපු කඳුලු අමාරුවෙන් මැඩ ගත්තත්.. මං හොඳටම දැක්කා ඒ ඇසුත් ගැස්සෙනවා..
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!