CAPTER 08 ☠️
මට කේන්තියි.. පුදුම තරම් කේන්තියි.. ඒ අස්සේ හීනි දුකකුත් ඇවිත් මගේ පපුව ඇදුම් කන්න ගත්තා... මං දිව්වා..කේන්තිය,දුක එකතු කරලා පුලුවන් තරම් හයියෙන් දුවපු මම කෙලින්ම ගිහින් නැවතුනේ අපේ ක්ලාස් එකේ.. ඒ වෙනකොටත් පන්තියේ හැම ළමෙක්ම වගේ ඇවිත් හිටියත් කාගෙවත් අවධානය මගේ පැත්තට යොමු නොවුනේ හැමෝම තම තමන්ගේ ලෝකවල තනි වෙලා හිටපු නිසා..
" අභි.. අභියෝ මොකද උනේ.. බල්ලෝ ඔලුව උස්සපන්කෝ.. "
ක්ලාස් එකට දුවගෙන ආපු මම කෙලින්ම ඇවිත් මගේ ඩෙස්ක් එකේ ඔළුව ගහ ගත්තා.. ශික් මොන මඟුලක්ද ඒ උනේ... මටමයි වෙන්නේ.. මටමයි වෙන්නේ..
මගේ ලඟට ඇවිත් උරහිසින් හොල්ල හොල්ල කතා කලේ වෙන කවුරුවත් නෙමෙයි ඉසුරු.. වෙලාවකට මට හිතෙනවා අශ්ට වඩා මූ මට ලෙන්ගතුයිද කියලත්...
විනාඩි කිහිපයක් ඒ විදියටම හිටපු මම උදේ වුනු හැම දෙයක්ම ඉසුරු එක්ක කියන්න පටන් අරන් ටිකකින්ම එතනට අශ් ආවත් මං නෙමෙයි ඌ දිහා බැලුවෙවත්..
" අභි.. අනේ මට සමාවෙයන් බන්.. මං නිසයි මේ හැමදේම.."
අශ් කියද්දි ඒක ගානකටවත් නොගත්තු මම දිගටම බලා හිටියේ ඉසුරු දිහා.. උනේ මොකද්ද කියලා නොදන්න ඌ අශ් දිහයි මා දිහයි මාරුවෙන් මාරුවට බලන්න ගත්තේ අපි දෙන්නගෙන් කවුරුහරි ඌට විස්තරේ කියනකම්..
එදා කෙහෙල් කැන් සීන් එකේ ඉඳන් මුලු කතාවම අශ් ඉසුරුට කියද්දි ඌ කීප සැරයක්ම මං දිහා බැලුවත් මං නොදැක්ක ගානටම හිටියා.. අද බදාදා... අද එළියේ එසෙම්බ්ලි එක නැහැ හැමෝම ක්ලාස්වල... ඒ නිසා ලමයි පන්සිල් ගන්නවට වඩා කරන්නේ බොරුවට අත් වැඳගෙන කියෝන එක...
අශ්ගේ කතාව ඉවර වෙනවත් එක්කම ඉසුරුවා සමථකරණය පටන් ගත්තා.. යැයි යැයි යැයි...
" අඩෝ උබලා දෙන්නා ගෑනියි මිනිහයි වගේ ඉඳලා ඔහොම වෙන්න එපා බන් මේ ඊයේ පෙරේදා ආපු එකෙක් නිසා... "
ඒත් මම නෙමෙයි හිනා උනේ.. මම නෙමෙයි ඌ කිව්ව දේ සත පහකටවත් ගනන් ගත්තේ.. දෙන්නා දිහාම බලලා රවපු මම ආයෙම ඉස්සරහ බලන් කතා කරන්න ගත්තා..
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!