CHAPTER 04

582 121 20
                                    

@BlueBox Club
Busan,South Korea

අදත් හරියට ම හවස හත වෙද්දී හැමදාම වගේ ඒ ගාඩ්ලා තුන්දෙනා BlueBox Club එක ළඟට තමන්ගෙ හාම්පුතාව එක්කරගෙන ආවා.....පුරුදු විදියටම දෙන්නෙක් මිනිස්සු ඉන්න සීමාවට නොයා වේදිකාව පේන සීමාවෙ නතර වෙද්දි ක්ලබ් එකේ කාර්යමණ්ඩලයෙ වගේ ම එන යන ගෑණු ළමයි ගොඩක් දෙනෙක්ගෙත් හුරතලේ වෙලා හිටිය රෙක්සා දිගට ම ඇතුළට ඇවිදගෙන ගියේ ටිකක් ආඩම්බර ගමනකින්....

වේදිකාව එක ළඟට ම ඇවිද ගෙන ගිය රෙක්සා හීනියට කෙඳිරි ගෑව එක වටේ අයට නෑහුණත් රෙක්සාගෙ කරපටියට දාලා තිබුණ දම්වැල අල්ලගෙන හිටිය තරුණයාට නම් හොඳට ඇහුණා...තරුණයා දම්වැල අත් ඇරලා එතන තිබුණ පුටුවෙන් වාඩි වුණාට පස්සේ රෙක්සා බිම තියෙන දම්වැල බිම වැදිලා සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න කටින් අල්ලගෙන පුටුවට එහා පැත්තෙන් වාඩි වෙලා වටපිට බලන ගමන් හිටියා...

මුළු ක්ලබ් එකේ ම  විදුලි බුබුළුවල එළිය අඩු වෙලා තියෙද්දී වේදිකාවට විතරක් නිල් පාට ෆ්ලෑශ් විශාල ආලෝක ලප දෙකක් එල්ල වෙලා තිබුණා...

කළු පාට තමන්ට වඩා ගොඩක් ලොකු සැහැල්ලු කලිසමකට තමන්ට වඩා ලොකු තනි සුදු පාට අත් කොට කමිසයක් ඇඳලා ඇස් දෙකත් එක්ක ම වැහෙන්න කළුපාට බකට් හැට් එකක් දාගෙන හිටිය තරුණයා තමන් පිටේ එල්ලගෙන ආව ගිටාරය අතට ගන්න ගමන් හැමදාම වාගෙ අදත් මීට කලින් කියලා නැති සින්දුවක් කියන්න පටන් ගනිද්දී ප්‍රේක්ෂකාගාරය හිටියෙ ඒ මිහිරි කටහඬට වශීවෙලා....ඒ කටහඬ ගොඩක් ගැඹුරු හිතාගන්න බැරි තරම් තැන්පත් එකක් වුණා වගේ ම අහන් ඉන්න ඕන ම කෙනෙක්ගෙ විවේකයක් නැතිව හතිවැටිලා ඉන්න හිතක් සන්සුන් කරන්න තරම් මායාවක් ඒ කටහඬේ තිබුණා...

ඒත් නතර වෙලා හොඳින් අහන් හිටිය එක්කෙනෙක්ට දෙන්නෙක්ට විතරක් තේරෙන වචනෙන් විස්තර කර ගන්න බැරි විදිහෙ දුකක්,පාළුවක්,තන්කමක් ඒ කටහඬේ අඳුරගන්න පුළුවන් වුණා....

බූසාන්වල ගම්බද පැත්තක තිබුණ වැඩියෙන් ම මධ්‍යම පන්තියේ මිනිස්සු යන එන මේ ක්ලබ් එකට ගොඩක් අය එන්න හේතුව මේ තරුණයා...එයාගෙ ගායනය අහන්න ම ක්ලබ් එකට එන අය ඕන තරම් එතන වාඩිවෙලා හිටියා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

The Misplaced Teddy || TK Where stories live. Discover now