CHAPTER 23

364 86 117
                                    


"එළියට එනවා ජියෝන් ජන්කුක්! මම අද තමුසෙව මරනවා!"

කෑ ගහගෙන ම ඉස්සරහ දොරෙන් ඇතුළට ආව ජිමින්ව පෙනුණෙ යකෙක් වගේ.... දාඩියට පෙඟුණ දුඹුරු පාට අකීකරු කොණ්ඩෙ මූණට ම ඇලිලා ඇඳගෙන හිටිය සුදු පාට වැලමිට ළඟට අත් නවපු කමිසෙ දාඩියට විනිවිද පේන්න අරගෙන....හතිය මඟෑර ගන්න ගැඹුරින් හුස්ම ගන්න ජිම්න් කෑ ගහද්දි බෙල්ලෙ නහර පවා ඉලිප්පිලා පෙනුණා....තරහට ම අත්  මිටමෙළවිලා නිසා අත්වලත් නිල්පාට නහර ලාවට මතු වෙලා තිබුණා....ඒ ඇස්වල හැම පුංචි නහරයක් ගානෙම ගිනි රතු පාට වෙලා තිබුණෙ බයට ද කේන්තියට ද නැත්නම් විනාඩි දෙක තුනක් ඇතුළත මීටර් දෙසීයකට වඩා දුර දුවන අතරෙ හිත ඇතුළෙන් කෑ ගගහ ඇඩුව නිසාද කියලා සමහරවිට ජිමිනුත් නොදන්නවා ඇති....උදේ වරුවෙ පාලම උඩ රථවාහන තදබදයට සාප කර කර හිටිය අහමඩ්ව වාහනේ ම දාලා ජිමින් පයින් ම ජියෝන් මැන්ශන් එකට දිව්වෙ එයාගෙ වීනස් අත ළඟ ම ඉඳලත් මඟෑරුණ වරදට තමන්ට ම දඬුවම් කර ගන්න වගේ ම පුළුවන් තරම් ඉක්මනට වීනස්ව තුරුල් කරගෙන දැන් හැමදේම හරි කියලා කියන්න තිබුණ හදිස්සියට....

ඉස්සරහ ගේට්ටුවෙන් ජිමින් ආවෙ කේන්තියෙන් කියලා දැනට ම ආරංචි වුණ නිසා ජන්කුක් තරමක කලබලෙන් කාමරෙන් එළියට ආවත් ජිම්න්ගෙ සද්දෙ ඇහුණා ම ජන්කුක් කට කොනින් හිනා වුණා...මොකද ජන්කුක් දැනගෙන හිටිය ජිමින් කියන්නෙ ජන්කුක්ට වචනෙකින්වත් රිද්දන්න හිතන්නෙවත් නැති කෙනෙක්... කලිසම් සාක්කු දෙකට අත් දෙක දාගෙන ඇස් පියාගෙන තමන්ගෙ තාලෙට පඩිපෙළ බැහැගෙන ආව ජන්කුක්ගෙ මූණ පැත්තකට හැරවිලා ගියේ නොහිතුව වෙලාවක මූණට වැදුණ පහරකින්....ජන්කුක් සාක්කුවෙ තිබුණ අතින්  තොල පැලිලා ආව ලේ ටික පිහදන ගමන් පඩිපෙළේ තමන්ට අඩියක් පහළින් හිටගෙන දත්මිටි කාගෙන තමන් දිහා බලාගෙන ඉන්න ජිමින් දිහා බලලා ඇහිබැමක් උස්සලා ඇහුවෙ ඇයි කියලා...

"මම...අද....තමුසෙව...මරනවා...ජියෝන්... ජන්කුක්..."

ජිමින් වචනෙන් චවනෙට අත මිටි කරලා ජන්කුක්ගෙ මූණට ගහද්දී නම්ජුන් ජිමින්ව නතර කරන්න හැදුවත් ජින් නම්ජුන්ගෙ අතේ එල්ලිලා එයාව නතර කළේ ජන්කුක් කරපු දේට ඔය දඬුවම හොඳ වැඩි නිසා....සිද්ධ වුණ දේ නොදන්නවා වුණත් උඩ ඉඳලා ජිමින් එද්දිම වාගෙ පහළට ආව නම්ජුන් ජින් දිහා බලලා බිම වැටිලා තිබුණ වීදුරු කටු ටික ඇහිඳින්න ගත්තෙ තමන්ගෙ මූන් තුවාල කරගනීවි කියලා බයට....

The Misplaced Teddy || TK Where stories live. Discover now