CHAPTER 07

548 109 53
                                    


"ම්හ්හ්..."
නිවසේ ඉහළ මහලේ බැල්කනියටට වෙලා උණුවෙන් කෝපි කෝප්පයක් තොල ගාන ගමන් හිටිය ටේහ්‍යුන් කෝප්පය පීරිසිය මතින් තියලා අත් දෙක එකට අතුල්ලන ගමන් ලරකු හුස්මක් ඉහළට ඇද්දේ නොවැම්බරයේ අග බාගය ගෙවෙමින් පවතින නිසා සවස් යාමය වෙනදාට වඩා ඉක්මනින් සීතල වීමේ ප්‍රතිඵලයක් විදියට....

"තව ටික දවසකින් මෙහෙට හිම වැටෙයි නේද රෙක්සා..."
ටේහ්‍යුන් මුමුණද්දී පුටුව ළඟ ම බිම හාන්සි වෙලා හිටිය රෙක්සා ඔලුව උස්සලා කෙඳිරි ගාලා ආයෙම ඇස් පියා ගත්තා....

"හහ්....ටික දවසකට කලින් සෝල්වල ගස්වලටත් කාලෙකට කලින් මට සිද්ධ වුණ දේවල් ම සිද්ධ වෙන්න ඇති...ආයෙ වතාවක් සෝල්වලට හිම වැටෙනවා බලන්න ආසයි ඒන්ජල්...."

හෙමින් මිමිණුව ටේහ්‍යුන් තමන්ගෙ බෙල්ලේ තිබුණ පුංචි මාලෙ දිගේ ඒ හීන් ඇඟිලි තුඩු අරගෙන ගියේ තොලක් ලාවට හපන ගමන්....

සීතල වෙලා තියෙන වටපිටාවේ ටේහ්‍යුන්ගෙ ඇඳුම ඇතුළෙ තිබුණ පුංචි මාලෙ ටේහ්‍යුන්ට උණුහුමට දැනුණා වගේම ඒ ඉරෙන් වට වුණ පුංචි හඳ රතු ගැහුණ හීන් ඇඟිලි අතරට ගුලි වෙද්දී ඒ මතක ටේහ්‍යුන් ව උණුසුම් කළා....

Flashback

"ම්ම්ම්....ඔන්න හරි...."
ටේහ්‍යුන්ව උරහිස් දෙකෙන් අල්ලලා පාර අයිනෙ තිබුණ ලී බංකුවකින් වාඩි කරවපු ටේහ්‍යුන්ගෙ ඒන්ජල් එයාට එහා පැත්තෙන් වාඩි වෙනවා ටේහ්‍යුන්ට දැනුණා...

"ම්ම්....මට විස්තර කියන්නකෝ ඒන්ජල්....හැමතැන ම සුදු පාටින් වැහිලා ගිහින් ද? ඒත් තවම ගොඩක් සීතල නැහැනේ..."

"අනී...මං මගේ වීනස් ව එක්කරගෙන ආවෙ බූසාන්වලට පළවෙනියට හිම වැටෙන අවස්ථාව විඳින්න...දැන් යන්තමට හිම වැටෙනවා වීනස්...තව පැයක් විතර යද්දි ඔයාට අතට ගන්න පුළුවන් තරම් හිම ගොඩක් එකතු වෙයි....පාරෙ එක දෙකක් වාහන තියෙනවා වීනස්....අපි දෙන්නා වගේ ගොඩක් අය තමන් ආදරේ කරන කෙනා එක්ක මේ මොහොත විඳින්න ඇවිත් ඉන්නවා....ඔයාට ඇහෙනවානෙ සද්දෙ....අපි ඉන්න බංකුවට ඉස්සරහින් ලොකු ගහක් තියෙනවා වීනස්....ඒත් ඒකෙ එක ම කොළයක්වත් නෑ...අහසෙ තරු තියෙන්නෙත් එක දෙකයි....මගේ තරුව නම් වෙනසක් නැතිව අදත් පායලා තියෙනවා වීනස්....."

The Misplaced Teddy || TK Where stories live. Discover now