CHAPTER 27

367 90 61
                                    


"කවින්, යන ගමන් ඉස්සරහ තියෙන ශොපින් මෝල් එකකින් වාහනේ නතර කරපන් ප්‍රින්සස්ට තෑග්ගක් ගන්න ඕනෙ...."

තමන්ගෙ මෝටර් රථයෙ පසුපස අසුනෙ වාඩිවෙලා ඇස් පියාගෙන හිටිය ජන්කුක් කිව්වෙ අද යුකීගෙ අවුරුදු දෙකේ උපන්දිනේ නිසා....ජන්කුක් හිටියේ බේස්මන්ට් එකේ ඉඳලා ඩීල් එකක් පාවලා දෙන්න උත්සාහ කරපු කොල්ලෙක්ට පුළුවන් උපරිම තරම් වද දීලා DK ගඑ ඊළඟ ඩීල් එක ගැන විස්තර අහගෙන එන ගමන්...

කාලය ගෙවිලා ගියා....ප්‍රශ්න තිබුණ කාලෙ ටික ටික අමතක වෙලා යද්දි තම තමන්ගෙ ලෝකවල තනිවෙලා ඔවුන්ගෙ ජීවිත ගලාගෙන ගියා...

ජන්කුක් ගොඩක් වෙනස් වුණා....මාෆියා ලෝකෙ යක්ෂයෙක් ගියලා ප්‍රසිද්ධ වෙලා හිටිය ජේකේ සාතන් නමින් ම ප්‍රසිද්ධ වුණා...DK ගෙ යටතෙ සිද්ධ වුණ ගොඩක් දේවල් දැන් තිබුණෙ ජේකේගෙ පාලනය යටතෙ වෙද්දි ජේකේට තරහකාරයො වැඩි වුණත් ජේකේ යන්න පුළුවන් උපරිමට ම ගියා...

හෙසෝක් හදිස්සියෙන් බොරු හේතු හදාගෙන ජීයුන් එක්ක සෝල් ව බලන්න ගියත් ජේකේ ඒ කිසිම දෙයක් නොදන්නවා වාගෙ හිටියා....

ජින්ගෙ ලෝකෙම වුණේ යුකී....ඒ වගේ ම ජන්කුක් පිට ලෝකෙට මොන තරම් දරුණු වුණත් මැන්ශන් එක ඇතුළෙ එයා ජින්ගෙ ජන්කූ වගේම යුකීගෙ කුකී අප්පා වුණා....නම්ජුන් වුණත් ඉස්සර ජින් ඉස්සරහ විතරක් පෙන්නුව ආදරණීය චරිතෙ තරමක් දුරට විවෘත කර ගන්න සමත් වෙලා හිටියා....

යුංගි ආයෙ කොරියාවට ආවත් එයා වැඩියෙන් හිටියෙ ජිමින්ගෙ අපාට්මන්ට් එකේ....හෙසෝක් යුංගි බීලා විනාස වෙන ඒවට අවවාද කරන්න ගිය හැම වතාවක ම කතාබහ නතර වුණේ යුංගි හෙසෝක් එක්ක රණ්ඩු වෙලා...යුංගි හිනාවුණේ කතා කළේ යුකී එක්ක සෝල් එක්ක විතරක් ම වුණා....යුංගි වෙනදට වඩා මාෆියා වැඩවලට උදව් කරන්න ගිහින් ගත වුණ අවුරුද්දට දෙපාරක් ම වෙඩි වද්දගත්තා....

ජන්කුක්ට ජිමින් ගැන මාධ්‍ය වලින් පෙනුණ දෙයක් ඇර වෙන කිසිම ආරංචියක් ලැබුණෙ නෑ....කීපවතාවක් ජිමින් ජින් එක්ක වීඩියෝ කෝල්වල ඉන්නවා දැක්කත් ජන්කුක් ඈතින් ඉඳන් කටහඬ අහගෙන හිටියා මිසක පේන්න ගියෙ නෑ ජිමින් ආයෙ කෝල් කරන එකක් නෑ කියලා බයට....

The Misplaced Teddy || TK Where stories live. Discover now