One month later"පලයන් යන්න...."
සැරින් සැරේ තමන් ළඟට ඇවිත් හවස තියෙන බිස්නස් පාර්ටි එකක් ගැන මතක් කරන අහමඩ්ට කෑ ගැහුව ජිමින් අතේ තිබුණ බෝතලේ අන්තිම අඩියෙ තිබුණ මත් වතුර ටිකත් කටට හලාගෙන හිස් බෝතලේ මේසෙ උඩ අතෑරියා...පුටුවෙ ඇන්දට උඩින් එක අතක් දාගෙන දිග ඇදිලා හාන්සි වුණ ජිමින් බෙල්ල පිටිපස්සට ඇල කරගෙන ඇස් පියාගත්තෙ දකුණු අතේ ඇඟිලි අතරෙ රැඳුන දුම්වැටිය තොල් අතරෙ රඳවමින්.....ජිමින් තනියම වාඩිවෙලා හිටිය මේසෙ වටේ හිස් වුණ මත්වතුර බෝතල් හතර පහක් වගේ ම ගතවුණ පැයට ඉවර වුණ දුම්වැටි විස්සක විතර ඉතිරි කොටස් බිම වැටිලා තිබුණා.....ජිමින් හිටියෙ ළඟට ඇවිල්ලා කතා කරන අහමඩ්ගෙ මූණවත් අඳුර ගන්න බැරි තරමට මත් වෙලා.....ජිමින්ගෙ Park Industries යටතට අයත් තරු පන්තියෙ රාත්‍රී සමාජශාලාවක විශේෂයෙන් වෙන් කරපු සීමාවක.....දැන් සති තුනක් විතර තිස්සේ හැමදාම හවස හයේ විතර ඉඳලා මහ රෑ වෙනකල් ළඟ ඉන්න කෙනා අඳුරගන්න බැරි තරමට බීලා මේසෙ බදාගෙන අඬන ජිමින් එතන කාර්යමණ්ඩලයට හුරු පුරුදු දර්ශනයක් වුණා....
අදත් ඒ වගේ තමයි..... හවසත් ටේහ්‍යුන්ගෙ ට්‍රැකින් ඩිවයිස් එක ඇක්ටිව් වෙනකල් බල බලා හිටිය ජිමින් මෙතනට ආවෙ රෑ නවයට විතර .....දැන් රෑ එකොළහ පසු වෙලත් විනාඩි හතළිහකට ආසන්න කාලයක් ගතවෙලා තිබුණත් ජිමින් තවමත් හිටියෙ හිතින් විලාප තිය තියා නිහඬව ම කඳුළු හලන ගමන්
"බොස්...අපි දැන් යමු ද?"
අහමඩ් ආයෙමත් වතාවක් ජිමින් ළඟට ඇවිත් අහද්දි ජිමින් ඇඟිලි අතරෙ රැඳවිලා තිබුණ දුම්වැටියේ අවසාන කොටස බිම දාලා සපත්තුවෙන් පෑගුවා....
"යමන්....උදේ වෙද්දි මගෙ වීනස් ගැන මොනවම හරි විස්තරයක් හොයලා කියපන් බං......මෙතන රිදෙනවා ගොඩක්...."
ජිමින් අහමඩ්ගෙ ඇඟට වාරු වෙන ගමන් පපුවෙ වම පැත්ත අතකින් තද කරගෙන කිව්වෙ හරි අසරණ විදියට....ඒත් අහමඩ් වගේම ජිමිනුත් හොඳට ම දන්නවා එක රැයකින් ටේහ්‍යුන්ව හොයන්න කියලා මේ ලෝකෙ තවත් ඉතිරි වුණ තැනක් නෑ කියලා....ජිම්න් ලෝකෙ හැම රටකම වාගෙ සමාජශාලාවලට,අවයව වලට,සල්ලිකාර පවුල්ව. සෙල්ලක්කාරයන්ට මිනිස් ජාවාරම්වලට උදව් කරන හැම කෙනෙක්ගෙන් ම හොඳින් හෝ නරකින් ප්‍රශ්න කළා....ජිමින්ගෙ තරහකාරයො හැම කෙනෙක්ගෙ ම මාසෙකට කිට්ටු වෙන්න ඔත්තු බැලුවා.....හැම රටක ම අස්සක් මුල්ලක් නෑර උඩ යට ගහලා ජිමින්ගෙ කොල්ලො ටේහ්‍යුන් ව හෙව්වා.....මුල් සතිය ම ජිමින් නින්දක් නැතිව කොරියාව පුරා ගෙයක් ගානෙ ගිහින් එයාගෙ වීනස් ගැන හෙව්වා....පපුව පිච්චිලා යද්දී ගිහින් හැම රෝහලක ම හඳුනා තොගත් තරුණ මරණ හැම එකක් ම බැලුවා....ඔලුවෙ ඉඳලා සුදු රෙද්දකින් වහලා තිබුණ මළසිරුරක ම ඒ රෙද්ද අයින් කරන වාරයක් ගානෙ ඒ ටේහ්‍යුන් නොවුණ සැනසීමට ජිමින් රෝහල් කෙරිඩෝවල දණින් වැටිලා ඉකි ගගහා ඇඬුවා....පහුගිය මාසෙ පුරාවට ම දකුණු කොරියාවේ හොඳම හැකර්ස්ලා දිවා රෑ නොබලා තප්පරේකට හරි ටේහ්‍යුන්ගෙ ට්‍රැකින් ඩිවයිස් එක ඇක්ටිව් වෙනකල් ස්ක්‍රීන් වලින් ඇස් අයින් නොකර බලාගෙන හිටියා.....
YOU ARE READING
The Misplaced Teddy || TK
FanfictionFrom the day you disappeared from my life....I lost myself my love