CHAPTER 35

341 80 77
                                    


තමන්ව හිර වෙලා වාගෙ දැනෙද්දී ජින් අමාරුවෙන් ඇස් අරින්න උත්සාහ කළත් යුකීව මතක් වුණා ම කොල්ලා දඟලන්න ගත්තා....

ජින්ට මතක තිබුණෙ ජැක්සන් එක්කරගෙන යන්න එනවා කියලා කෝල් කරලා විනාඩි විස්සක් විතර ගියාට පස්සෙ යුකී හිටිය රූම් එකේ දොරට තට්ටු කළ නිසා තමන් දොර ඇරලා බැලුවාම එතන කවුරුත් හිටියෙ නෑ කියලත් ආපහු එන්න හැරෙද්දී කවුරු හරි තමන්ගෙ මූණට රෙදි කෑල්ලක් තද කරලා තමන්ව සිහි නැති කළා කියලත් විතරයි.....

ජින් අතපය හොලවන්න හැදුවත් එයාට තේරුණා තමන්ගෙ අත් දෙක වගේම කකුල් දෙකත් පුටුවට තියලා ගැට ගහලා කියලා....යුකීව පේන්න නැති වෙද්දි කොල්ලා වෙව්ලන්න ගත්තා....තනියම වුණා නම් ජින් නම්ජුන් ව විශ්වාස කරලා බය නැතිව ඉන්නවා....ඒත් එතන එයා එක්ක යුකීත් හිටියා....දරුවට කරදරයක් වෙයි කියන බය ජින්ව දුර්වල කළා....යුකී හිටියෙ අසනීපෙන්.....ඕනම වෙලාවක අසාධ්‍ය වෙන්න පුළුවන් නිසා හොස්පිට්ල් එකකට ආසන්න දුරක ගොඩක් වෙලාවට ඉන්න කියලත් වෛද්‍යවරු කිව්වෙ...ඒත් දැන් එයා දන්නෙ නෑ එයා ඉන්න තැන....දරුවා පේන්නත් නෑ...

ජින් හෙමිහිට වටපිට බැලුවත් දොරක් ඇරෙනවා ඇහුණ නිසා ජින් ඒ පැත්ත බැලුවා....දොරෙන් ඇතුළට ආවෙ වයස අවුරුදු විසිපහක් වාගෙ පේන තරුණියක්...ඇය ඇඳගෙන හිටිය ඇඟට ඇළුණ යන්තමට විනිවිද පෙනෙන කළු පාට කොට ගවුම නිසා ඇඟේ හැඩය හොඳින් ම පෙනුණා වගේම කකුල් දෙකත් සම්පූර්ණයෙන්ම වාගෙ නිරාවරණය වෙලා තිබුණා...

තමන්ට තරුණියන් ගැන කිසිම හැඟීමක් නොතිබුණත් ඒ අසංවර ඇඳුම නිසා දැනුණ අපහසුතාවයට ජින් ඔලුව බිමට නමා ගත්තා....

ඒත් තරුණිය නම් වටේ ම ඉන්න විසිපහක් විතර හැඩිදැඩි පිරිමි කිසිම කෙනෙක් ගැන තැකීමක් නොකර දිගටම ජින්ගෙ මූණ දිහා බලාගෙන ම ඇවිදගෙන ආවා.....

"ඉතින්.....ඩොක්ටර් කිම් සියොක්ජින්? මෙතන හොඳයිද?"

තරුණිය තමන්ගෙ දිගට වවලා කළු පැහැති නිය ආලේපන යොදලා තිබුණ උල් නියපොතු වලට ජින්ගෙ කම්මුල් සීරෙන විදියට ම එක අතකින් ජින්ගෙ නිකටින් අල්ලලා ඔලුව උඩට උස්සන ගමන් ඇහුවෙ කට කොනේ හිනාවක් රඳවගෙන....

The Misplaced Teddy || TK Onde histórias criam vida. Descubra agora