🍃1. දිග හැරුම...

154 12 2
                                    

🍃ජීවිතේ සමහර අවස්ථා තියෙනවා අපිට තීරණයක් ගන්නම වෙන, සමහරවිට ඒ තමා අපි ජීවිතේ ගත්ත හොඳම තීරණය එහෙම නැත්තං ගත්ත මහා ගොන්ම තීරණය වෙන්නේ.

කලින්ම අපිට හිතාගන්න බෑ ඒක හරියයිද වරදීද කියලා. නමුත් අපිට තීරණයක් ගන්නම වෙනවා.

මගේ ජීවිතේ මගේ හීන මගේ නිදහස මේ හැමදේම මට අත අරින්න සිද්ද වුනා, මොකද මට හිතන්න ජීවත් කරන්න රකින්න පවුලක් වගකීමක් තිබ්බා, ඒ වෙනුවෙන් මං මාව අමතක කලා, අවුරුදු 21 වෙද්දි විදින්න ඕනි හැම දුකම විදලා කොරියාවට එන්න තීරණය කලේ ඒකයි.

ඒත් ඉගෙනීම අත අරින්න හිතුනෙ නෑ සතියෙ දවස් 5 රස්සාවට නහිද්දි සති අන්තේ වෙන් කලේ ඉගෙන ගන්න.

ඒත් සතියට දවස් 3ක් වගේ රෑ පංතිත් දාන නිසා දැන් ඉන්න තැන ඉදං රෑට ගිහින් එන්න දුර වැඩි, ඒ නිසා වැඩ කරන තැනටයි පංතියටයි ලග තැනකින් අඩුවට පොඩි ගෙයක් හොයාගන්න පුළුවන් වුනේ ඒ ගෙදර අයිති අය ඒ ගෙදර තනි කෙනෙක්ට විතරක් දෙන්න කැමති වුන නිසයි, ඒකත් හරිම සාධාරණ ගානකට, නමුත් ඒ ගෙදර මට ලොකු වැඩි වෙලාවෙ හැටියට වෙන තැනක් හොයන්න කාලයක් නැති නිසා ඉක්මනටම ඒකට පදිංචියට ගියා.

හැමදේම වෙන්නේ ලියවිලා තියෙන හොදම විදිහටළුනේ, ඒ දේ මට ගොඩාක් දැනෙන්න ගත්තේ එහෙට ගියාට පස්සේ ජීවිතේ වෙන්න ගත්ත දේවල් නිසයි.

අහම්බෙන් වුනත් ජීවිතේට සමහර අයව හම්බ වෙන්නේ අපිට ජීවිතේ තේරුම් කරවන්න වගේම ඉස්සරහට ජීවිතේ හොදින් ජීවත් වෙන්න වගේම පාඩම් ඉගෙන ගන්න.

හ්ම්... හිත ගොඩක් කලබලයි, තේරුම් ගන්න බෑ මොනාද කරන්න ඕනි කියලා. ඉස්සරම දවස් වල නම් අම්මව බදාගෙන ඔහේ කියව කියව ඉද්දි හැමදේම හරියනවා, එත් දැන් ඒකත් කරන්නත් බෑ, ඔයා මට ගොඩාක් දුරයි අම්මේ.

එහෙම්මම බිම ඉදගෙන ඇඳට හේත්තු වුනේ ඇස් වලට කදුළුත් පුරවාගෙන, දවස් ගෙවද්දි මොහොතින් මොහොත අතීතයට එකතු කරන්නේ අළුත් මතකයන් බලාපොරොත්තු එකතු කරමින්.

ඒත් ඒ හැම බලාපොරොත්තුවක් අපිව ජීවත් කරනවද.....

දන්නේ නෑ.....

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now