1 st chapter 💖

477 52 18
                                    

" හ්ම්ම්.......
කොහොමද ? "
කවුරු කොහොම වුණත් මං නං හොඳින් නෙවෙයි. හේතුව, මං මේ යන්නේ මගේ අම්මා ආස but මං ආස නැති පැත්තකට,

අපි ඉන්නේ දැන් කැනඩා වල තියන ගොඩක් ෆේමස් කාසල් එකකට යන ගමන්. අහ්......අමතක වුනා.......මම තමා Namjoon, Kim Namjoon...... අම්මයි මායි කැනඩා වලට ආවේ ලෝන්ග් vacation එකකට.

මට දැනුම අවුරුදු 24ක්........ මගේ හියොං එයාගෙ හස්බන් වයිෆි එක්ක අපිට canada වලට යන්න කියලා බිස්නස් බලාගන්නම් කිව්ව නිසා මාත් ඉතිං අපේ ඔම්මගේ වද කිරිල්ලට ම එයා එක්කම මෙහෙට ආවා.

වෙන මොනා කරන්නද ?
මගේ අම්මා මොඩ්ලිං කරන කෙනෙක්. අපේ අජුස්සිත් අපි එක්කම මෙහෙට ආවේ අපේ ඔම්මගෙ shoots ටිකක් මෙහෙත්  කරමු කියලා හිතාගෙන. මොනාවුනත් මොඩ්ලින් නම් මහ විකාරයක්.

" පුතා මේ මෙහෙන් වත් එකෙක් හොයාගන්න හරිද ........ ඔයා korea යන්න ඕනි ඩබල් වෙලා........"

Car එකේ ඉස්සරහ passenger seat එකේ හිටිය මගේ  ඔම්මා ඉස්සරහ මිරර් එකෙන් පේන මා දිහා බලලා කිවුවේ මගේ මෝඩ අජුස්සිත් ඒකට මහ හයියෙන් හිනා වෙනකොට.

" දැන් ඔයා මාව මෙහෙට ගෙනාවේ කපුකමක් කරන්නද ? "

එක කනක තිබුණ ඉයර් ෆෝන් එකක් ගලවල අතට ගත්ත මම ඇහුවෙ දෙන්න දිහාම කේන්තියෙන් ම බලන ගමන්.

" කොහොමහරි කමක් නෑ ඉක්මනට මොකෙක් හරි මැරි කරගන්න........"

" ඇයි මාව කසාද බන්දලා ඔයත් කසාදයක් කරගන්න ඔම්මා ? "

" ඔව් ඔව් දැන් තනියම හිටිය ඇති නූනත් "

මේ පාරත් ඉතින් මැද්දෙන් පැන්නෙ මගේ මෝඩ අජුස්සි.

මං ආයෙත් මගෙ earphone කන ගහ ගත්තේ මෙයාලගේ මේ විකාර කතා මට අහන් ඉන්න බැරි නිසා.
කොහොම උනත්  මං තාමත් Single...... මගේ පස්සෙන් කෙල්ලො අනන්තවත් එනවා ඒත් මට feel වෙන කෙනෙක් තාමත් හම්බුනේ නෑ. ඒකත් හොඳයි තවත් කාලයක් මා මෙසේ ම වැජඹේවා !
කියලා හිතන ගමන් ම මං  ඇස් පියා ගත්තේ මෙයාලා මේ කියන කාසල් එකට තව දුරයි කියලා අජුස්සි කියපු නිසා.

.
.
.
.
.
.
.
.

පැය එකහමාරකට විතර පස්සෙ මට ඇහැරුනේ ලොකු ගෙට් එකක් ඇරෙනවා වගේ සද්දයක් ආපු නිසා.... හිතුව හරි අපි ඒ කාසල් එකට ඇවිත්.

ඒ ලොකු ගේට් එකෙන් ඇතුලට දාපු අපේ car එක නැවතුනේ හිතාගන්නවත් බැරි තරම් ලොකු ඒ වගේම පරණ පාට...... කළු ගලින් හදලා තිබුන castle එකක් ඉස්සරහ.....

ඒකෙ අමුතු ගුප්ත බවක් පේන්න තිබුනා වුනත් garden එක එහෙම හරි ලස්සනට මේන්ටේන් කරල තිබුණු නිසාමද කොහෙද අමුතු ලස්සනක් පේන්න තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒකෙ අමුතු ගුප්ත බවක් පේන්න තිබුනා වුනත් garden එක එහෙම හරි ලස්සනට මේන්ටේන් කරල තිබුණු නිසාමද කොහෙද අමුතු ලස්සනක් පේන්න තිබුණා. ඒ garden එකේ තැනින් තැන ලස්සන stratues හදලා තිබුණේ ඇත්ත විදිහටම පේන්න..... මේවා දකින ඕනිම කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෙයක් තමා  මේවා නං ඇත්ත මිනිසුන්ව තියලා වගේ කියලා.

" පුතා යං ඇතුලට........"

" හරි ඔම්මා "

මං මගේ ලැගේජ් එක කා එකෙන් එළියට ගන්න කොටම ඉක්මනින් ආව maids ල කීපදෙනෙක් අපේ ලැගේජ්  අරගෙන කාසල් එක ඇතුලට ගියේ අපිටත් ඇතුලට ආරාධනා කරන ගමන්.

ඒ වෙලාවේ ම කාස්ල් එකෙන් එලියට ආපු තවත් අංකල් කෙනෙක් ඔම්මා එක්ක කතා කළා.

" සාදරයෙන් පිලිගන්නවා බ්‍රිගේනියර් castle එකට ඔබතුමියව....... මම සෑම්....."

සෑම් අංකල් කතා කලේ මගෙ ඔම්මා එක්ක හෑන්ඩ්ශේක් කරන ගමන්.

එයා දිග කලු කලිසමකුයි, එකට ම ගැලපෙන්න වගේ සුදු අත් දිග කමිසයක් ඇදලා කලිසමට යට කරලා හිටියෙ අමුතු ගාම්බීර බවක් පෙන්වමින්. ඒ නිසා ම මට හිතුනෙ එයා මේ කාස්ල් එකෙ අයිතිකාරයා වෙන්න ඇති කියලා.

" හෙලෝ පුතා......"

" හෙලෝ අංකල්....... මම නම්ජූන්......."

" හදුනා ගැනීම සතුටක් "

" මටත්......"

" යමු ඇතුලට......"

මගෙ පැත්තට හැරුන සෑම් අංකල් මේන් ඩෝර් එක පැත්තට අත දික් කළේ මටත් කාසල් එක ඇතුලට ආරාධනා කරන ගමන්.

කාස්ල් එකේ මේන් ඩෝර් එකෙන් ඇතුලට අඩිය තියද්දි ම මට දැනුනෙ මගෙ heart එක වෙනදට වඩා ගොඩක් වේගෙන් මේ මොහොතේ ගැහෙනවා කියලා. ඒ වගෙ ම හිතා ගන්න බැරි තරම් ලස්සන වීදුරු වගේ සියුම් හිනාවක් මට ඇහුනෙ මගේ මුළු ඇගේ ම අමුතු හිරියක් ඇති කරන ගමන්.

--------------

🌸가위🌸

Ghost Prince 💖 ✔️Where stories live. Discover now