Chapter 22

173 33 28
                                    

Yoongi pov

*flashback*

මම අත අතෑරිය ගමන් සේයෝන් කලබලෙන් එලියට දිව්වා.. වෙච්ච දේත් එක්ක කෙල්ල ටිකක් ෂොක් වෙලා වගේ..

එයා විතරද? මාත් ෂොක් වෙලා මේ ඉන්නෙ..

මම ඔෆිස් එක වටේ පොඩ්ඩක් ඇස් කරකවල බැලුවේ ඇත්තටම සේයෝන් මොනාටද මෙහෙට ආවේ කියලා බලන්න..

මන් එද්දී එයා හිටපු ලාච්චුව ළඟට මන් ගිහින් ඒක ඇරලා බැලුවා.. ඒක ඇතුලේ තියෙන ෆෝන් එක අතට අරන් ඔන් කලේ කාගේද බලන්න..

ප්ෆ්ෆ්ට්😂🤭...

ලොක් ස්ක්‍රීන් වෝල්පේප එක දැක්ක ගමන් මට‍ ගෙස් කරන්න අමාරු උනේ නෑ කාගේද කියලා...

*flashback ends*

සේයෝන් ගේ ෆෝන් එකත් අතේ තියාගෙන ඇඳ විට්ටමට හේත්තු වෙලා මම  මුළු වෙලාවෙම කලේ ඒකේ ලොක් ස්ක්‍රීන් එක දිහා බලන් හිටපු එක..

එයා අනිවාරෙන් එන්න ඇත්තේ කට්ටියගේ ෆෝන් ටික උස්සන් යන්න.. මටත් මතකයි අපේ ට්‍රේනින් පීරියඩ් එකේ අපේ ෆෝන්ස් අරගත්තා.. Pd නිම් ගේ ඇස් වහලා ෆෝන් ටික ඉස්සුවට pd නම් ට අහු වෙන්නෙ නැති වෙයි කියලා හිතුවේ කොහොමද දන්නෑ..

මොකෝ කරන්නේ..? කෝල් එකක් ගන්නවද..?

ඒත් පාස්වර්ඩ් එක දන්නේ නෑනේ..

එහෙනම් ඔන්න ඔහේ ඩෝම් එකට ගිහිල්ලම දීලා දානවා. ඕන එකක් කරගනියිනේ..

මන් එහෙම හිතලා ජැකට් එකත් අරගෙන පල්ලෙහාට ගියා.. යනකොට පොඩි උන් තුන්දෙනයි හොබියි දුව දුව මොනාද සෙල්ලමක් කරනවා..

🖤"ජින් හ්යුන්ග්... මම පොඩ්ඩක් එලියට යනවා.."

🦓"ගියාට කමක් නෑ ඉක්මනට එන්න. ඒ වගේම කාටවත් අහු වෙන්න එපා. මාස්ක් එකයි කැප් එකයි දාගත්තද?"

🖤"හරි හ්යුන්. වෑන් එකේ තියෙනවා.."

මම හ්යුන්ගෙනුත් අවසර අරගෙන එලියට යන්න අඩිය තියද්දීම කවුරුහරි කෙනෙක් මගේ අතේ තිබ්බ සේයෝන් ගේ ෆෝන් එක උදුරලා ගත්තා..

🖤"එහ්.. ජිමින්.. ඕක මෙහාට දෙන්න!"

මන් ජිමින්ව අල්ලගන්න ඉස්සෙල්ල එයා ඒ ෆෝන් ඒක කුකී ගේ පැත්තට විසිකරලා දිව්වා..

Pink Hearts (Completed)Where stories live. Discover now