Episode 3 (හෙර)

256 52 18
                                    

Yoongi pov

අපි ප්‍රැක්ටිස් කරලා කරලා මහන්සි නිසාම ලන්ච් ටයිම් එක එන්න කලින් කැෆ්ටේරියා එකට ගියා කෑම කන්න. ගිහින් එනගමන් අපි දැක්කා කවුරුහරි ගෑනු ළමයෙක් අපේ ෆ්ලෝ එකට ඇවිත් ඉන්නවා. එයාට අපිව නෝට් උනේ නෑ මන් හිතන්නේ.

අපි අපේ ෆ්ලෝ එකට කාටවත් එන්න අවසර දීල නැත්තේ ඒක අපේ නිදහසට බාදාවක් වෙන නිසයි. මේකට අඩුගානේ අපේ මේකප් නූනලවත් එන්නැති එකේ කොහොමද මේ නිකන් කෙල්ලෙක් මෙහාට එන්නේ🤔.

අපි දිගටම කෙල්ලගේ පස්සෙන් ගියා. කෙල්ලත් නිකන් කාටහරි අහුවෙයි කියලා වගේ කිසිම සද්දයක් නොකර හොරෙන් වගේ තමයි ඇවිද්දේ🤫.

සමහරවිට අලුතෙන් ආපු ට්‍රේනී කෙනෙක් වෙන්නැති......

කෙල්ල ඇවිදිනවා ඇවිදිනවා කොහේ යනවද දන්නෑ🤨. අනිවාරෙන් අපේ ප්‍රැක්ටිස් රූම් එක තමයි හොයන්නේ. ඔව්... ඒක හරි එයා ප්‍රැක්ටිස් රූම් එක තමයි හොයල තියෙන්නේ. ඒ කෙල්ල ටික දුරක් ඇවිදන් ගිහින් ගානට අපේ ප්‍රැක්ටිස් රූම් එකම තෝරලා ඇතුලට ගියා. පුදුම කෙල්ලෙක්. සේරම තැන් ටිකත් හොයගේනමද කොහෙද ඇවිත් තියෙන්නේ😤. එහෙම නැතත් එයා දොරේ bts කියලා ගහල තියෙන එකත් දැක දැක කිසි බයක් නැතුව ඇතුලට ගියා කියන්නේ ඉතින් අනිවා එයා ආ ඇවිත් තියෙන්නේ අපිව හොයාගෙනම තමයි.

🐰"හ්යුන්ග් අපි මොකද දැන් කරන්නේ. ඒ කෙල්ල ඇතුලට ගියා. අපිත් යමුද😕. "

🦓"දැම්ම එපා. එයා එලියට ආවම යමු. නැත්තම් එයා අපහසුවට පත් වෙයි."

🖤"හ්යුන්ග් මොනාද ඔයා මේ කියවන්නේ😡. ඒ කෙල්ල අපහසුවට පත් වෙයි. එයාමනෙ කිසි බයක් නැතුව අපේ රූම් එකට ගියේ. ඉතින් මොන අපහසුවක් ඇති උනත් මොකද?😤"

🐨"හ්යුන්ග් ඒ උනත් ජින් හ්යුන්ග් කියපු කතාවේ ඇත්තක්🙁........"

නම්ජුන් එයා කිය කිය හිටපු එකේ ඉතුරු ටික කියන්න කලින් මම දොරත් ඇරන් ඇතුලට ගියා. ඇතුලේ අර අපි පස්සෙන් ගියපු කෙල්ලත් එක්කම තව කෙල්ලෙක් හිටියා. ඒ කෙල්ල අනිත් කෙල්ලගේ අතින් අල්ලන් අපේ පැත්තට හැරිලයි හිටියේ. හරියට පිටිපස්සේ ඉන්න කෙල්ලව ඇදන් එනවා වගේ.

Pink Hearts (Completed)Wo Geschichten leben. Entdecke jetzt