Chapter 19

162 33 27
                                    

Seyeon pov

ජනේලෙන් ගලන් ආපු ඉර එළියෙන් මගේ ඇස් දෙකට වදිද්දී මන් අමාරුවෙන් ඇස් ඇරගත්තා.

හොදයි... දැන් මන් ඉන්න විදිහ විස්තර කලොත්, ඇත්ත වශයෙන්ම සේරම අනිත් පැත්ත හැරිලා පේන විදිහට මම ඉන්නෙ සෙටිය උඩ කකුල් දෙක උඩටත් ඔලු ගෙඩිය පහලත් හරවගෙන වගේ... ඒත් මට‍ මතක හැටියට මන් හරි පැත්තට නිදා ගත්තේ..

එනිවේ.. මන් පොඩි කරනම් පාරක් ගහල හිටගන්න හැදුවත් උනේ බැලන්ස් නැතුව බිම වැටුන එක..

මන් කොන්දත් අත ගගා නැගිටලා වටපිට බැලුවා..

අපොයි දෙයියනේ.. සාලේ හැටි..

දේදුනු, සේජා, ශෙරින් තුන්දෙනා එක එක තැන් වල බුදි... ඊයේ රෑ කාපු ස්නැක්ස් වල කොළ ටික එහෙම්පිටින්ම බිම. අපි හැමෝටම ඊයේ රෑ මූවි එක බලන කොට දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා...

ඒත්.. කො ඇන්ඩි...?

මන් වට පිට බැලුවේ ඇන්ඩි කොහෙහරි පේන්න ඉන්නවද බලන්න..මුළු ගේ හැමතැනම බලලා අන්තිමේදී මන් රූෆ්ටොප් එකට ගියා.

❤"ඇති යන්තම්.. මෙයා මෙතන ඉන්නවා."

මන් සුසුමක් හෙලලා සැහැල්ලුවෙන් කිව්වා.

ඒ සද්දේ ඇහිලා අහස දිහා බලාගෙන හිටපු ඇන්ඩි මගේ පැත්තට හැරිලා පස්සේ ආපහු අහස දිහා බලාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ සද්දේ ඇහිලා අහස දිහා බලාගෙන හිටපු ඇන්ඩි මගේ පැත්තට හැරිලා පස්සේ ආපහු අහස දිහා බලාගත්තා. මමත් එයා ලගටම ගිහින් එතනින් වාඩි වෙලා ටිකක් හිටියා..

[මෙතන ටික ඉංග්‍රීසියෙන් එයාලා කතා කරන්නේ.]

💙"මුකුත් අහන්න නැද්ද?"

ඇන්ඩි මගේ හිත කියවලා වගේ ඇහුවේ මාවත් පුදුම කරවල...

❤"හ්ම්ම්... ඔයා මොකද්ද එදා කිව්වේ යාළුවෝ හිටියත් එකයි නැතත් එකයි කියලා. "

Pink Hearts (Completed)Where stories live. Discover now