Episode 10 (වාව් ලස්සනයි..)

231 45 49
                                    

Seyeon pov

මමයි දේදුනුයි සේජයි සතුටට උඩ පැන පැන කෑගහන්න ගත්තා😆😆😆.

ඊට පස්සේ අපි ගියේ අපිත් එක්ක හිටපු අපේ ටීම් මෙම්බර්ස්ලට සමු දෙන්න. මම මගෙ ටීම් එකේ අය ළගට යනකොට මන් දැක්කේ ඇන්ඩ්‍රියා එයාගේ යාළුවෝ දෙන්නාව බදාගෙන ඉන්නවා. මම එයාලව නොදැක්කා වගේ අනිත් අය ගාවට ගියා. එයාලා හැමෝම මට‍ සුබපැතුවා. මම හැමෝමත් එක්ක ෆොටෝස් උත් ගත්තා. ඒ වගේම එයාලා මගෙන් අත්සනත් ඉල්ලුවා😁.

මම හැමෝවම හග් කරලා සමු දීලා ඊළගට ගියේ ඇන්ඩ්‍රියා ගාවට🙃. එයා එයාගේ යාළුවෝ දෙන්නගෙන් ඈත් උනාමයි මම දැක්කේ එයා අඩලා කියලා. අහන්කාරයි වගේ පෙනුනට හොද හිතක් තියෙනවා වගේ☺️. යාළුවෝ දෙන්නා ගියයිම් පස්සේ මම එයා ළගට ගිහින් පිටට තට්ටු කළා.

💙"මොකද...😑"
(මන් දිහා නොබලාම එයා ඇහුවා)

❤"මට‍ සමාවෙන්න. මම දන්නවා ඔයාට දැනෙන විදිහ😔🙂."

💙"නෑ ඔයාට තේරෙන්නේ නෑ😤. ඔයාගේ යාළුවෝ දෙන්නම සිලෙක්ට් උනා. මම දැන් තනි වෙලා😖."

එහෙම කියලා එයා මගෙ අතත් ගසලා දාල යන්න ගියා. ලොකුකමනේ ඉතින්🙄. එයාගේ දුක අහන්න ගියපු මමයි මෝඩ. එයා දොරෙන් එලියට යනවා මන් බලන් හිටියා. එතකොට තමයි දැක්කේ දේදුනුත් කොහෙදෝ මන්දා හොරෙන් හොරෙන් අඩි තිය තිය එලියට යනවා.

කොහෙද දන්නෑ හොරෙන් හොරෙන් යන්නේ. යන්නේ කොහෙද කියලා බලන්න ඕනේ නිසාම මම සේජට මැසේජ් එකක් දාල ශේප් එකේ එලියට ආවා. දේදුනු කොරිඩෝ එක දිගේ හොරෙන් හොරෙන් ගිහිල්ලා කෙලින්ම ලිෆ්ට් එකට නැග්ගා.

දැන් මොකද්ද කරන්නේ😑. කොහෙද යන්නේ කියලා කොහොමද හොයා ගන්නේ. අනේ මන්දා පඩිපෙළෙන් යන්න බැරි උනාද මෙයාට.... මම හිතින් බැන බැනම පඩිපෙළ නගින්න ගත්තා🤧.

අපි මේ ඉන්නෙ 4th ෆ්ලෝ එකේ.8th ෆ්ලෝ එකේ තමයි bts ලා. එතනින් එහාට මන් මොකුත් දන්නෑ. මන් දන්නෑ කියන්නේ දේදුනුත් දැනගන්න විදිහක් නෑ නේ. එතකොට මෙයා ගියේ bts ඔප්පලගේ ෆ්ලෝ එකටද. වෙන්න බෑ😕...

ඔන්න ඔහේ කියලා මම 8th ෆ්ලෝ එකට නගින්න ගත්තා. කකුල් දෙකට අබ සරණයි😩🤧.....

Pink Hearts (Completed)Where stories live. Discover now