Episode 4 (කෑම & ඇඳුම්)

270 53 26
                                    

Seyeon pov

අවසර නැතුව එලියට ගියපු එකට සෝජූන් ඔප්පාගෙනුත් බැනුම් අහලා මම සේජයි දේදුයි එක්ක ශොපින් කරන්න ගියා. ලංකාව රස්නේ රටක් නිසා අපිට සීතලට අදින්න වැඩිය ඇදුම් තිබ්බේ නෑනේ. එහෙන් ඒවා ගන්න තිබුනත් ඒ ඇදුම් හුගක් ලොකුයි වගේම බර නිසයි අපි කොරියවටම ඇවිල්ලා වින්ටර් ක්ලොත්ස් ගන්න තීරණේ කළේ.

ශොපින් කරලා අපි මේ මාස තුනේ විතරක් ඉන්න අපාට්මන්ට් එකකින් ගත්තු ගෙදරට ආවා. ආපු ගමන් මම හොද වොශ් එකකුත් දාගෙන නිදා ගත්තේ හෙටම බඩු අස් කරනවා කියලා හිතාගෙන.

Next morning.................

"සෙනූ..... සෙනූ නැගිටින්න...... කෝ නැගිටින්න. දැන් හොදටම පරක්කු වෙලා ළමයෝ. නැගිටින්න."

❤️"අනේ තාත්තේ...... නැගිටින්න බෑ..... තව පොඩ්ඩක්..... පොඩ්ඩම පොඩ්ඩක්.... විනාඩි පහයි😴...."

මම ටිකක් වෙලා ආයෙත් නිදා ගන්න හදනකොටම තමයි මතක්‌ උනේ මන් ඉන්නේ කොරියාවේ නේද කියලා. ඒත් මෙහෙ තාත්තා ඉන්නේ කොහොමද? තාත්තා නොවෙන්න බෑනේ🤔. මගෙ ඇත්ත නමින් කතා කරන්නේ අම්මයි තාත්තයි විතරනේ.

හදිස්සියෙවත්........ තාත්තා කොරියාවට ඇවිල්ලද? ඒත් අපි ඊයෙනෙ ආවේ. එතෝට තාත්තා ඇවිත් තියෙන්නේ අපිත් එක්කමද?😳

වෙන්න බෑ.....

මම ඇඳෙන් නැගිටලා මගෙ කාමරේ වටේ බැලුවා. කවුරුත් නෑ....

ඊලගට සාලෙට ගියා. පස්සේ කුස්සියට.....

මෙලෝ මලදානයක් නෑ......

මම ඊට පස්සේ ගියේ සේජගේ කාමරේට.

❤"සේජ්..... ඒයි....අපේ තාත්තා ඇවිල්ලද?☹️"

🧡"මොනාද බන් මේ උදේ පාන්දර කියවන්නේ😤. අන්කල් කොහෙද මෙහෙ. විකාර කියවන්නැතුව යනවා මට‍ නිදාගන්න දීලා😡😴."

❤"ඒත් බන් මට‍ උදේ තාත්තාගෙ කටහඩ අහුනනේ....😕"

🧡"ඉතින් යකූ ටෝ නේද එලාම් එකට තාත්තගේ වොයිස් එක දාගත්තේ ඈ😤...."

හුටා.... ඇත්තනේ මමමයි නේ උදේට තාත්තගේ කටහඩ ඇහෙන්නැත්තන් නැගිට්ටවෙන්නේනෑ කියලා තාත්තගේ වොයිස් රේකොඩින් එකක් දාගත්තේ. අයියෝ මන්ද මාත් මොන සිහියේද ඉන්නේ....

Pink Hearts (Completed)Where stories live. Discover now