Episode 12

180 45 30
                                    

මන් නහයත් අත ගගා ඔළුව උස්සල බලද්දී මගෙ දෑසට හමු උනේ ලස්සනම ලස්සන, සුදු පාට, කළු ඉරි ඉරි තිබ්බ Adidas ලේස් සපත්තු දෙකක්🤩....

වාව්.... ලස්සනයි.... ජිවිතේට අම්මයි තාත්තයි මට‍ adidas අරන් දුන්නේ නෑනේ ගණන් වැඩියි කියලා🙄..... අනිත් එක ඒ සපත්තු වලින් මම තෝරාගන්න කිව්වම තොරගත්තේම men's ඒවා. මට‍ මොංගල් නෙහ්😝😬....

මම බිම ඉන්න ගමන්ම සපත්තු දෙක දිහා බලාගෙන හිටපු මම හරි සිහියට ආවේ ඒ මනුස්සයා කතා කරාම.

🐨"චෝගී.... අපි දෙන්නට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද😶...."

ඒ කටහඩ මට‍ වරදින්න විදිහක් නෑ. ඒ අනිවා නම්ජුන් ඔප්පා😳. මම ඉක්මනට කලබෙන් නැගිටලා බැලුව

❤"නම්ජුන් ඔප්පා😲...."

සැක් වස ලැජ්ජාව. අනේ මන්දා ඇයි මෙයාල ඉස්සරහම මම ගොනෙක් වෙන්නෙ😖. සපත්තු දෙක දිහා බලන් හිටපු විදිහට හිතුවද දන්නෑ මට‍ සල්ලි නෑ කියලා😩. අම්මා කියන දේ අහන්නේ නැති හින්ද තමයි මට‍ මේ සේරම වෙන්නෙ🤧.....

🐨"ග්වෙන්චනා?...."

❤"අහ්... දේ දේ😶...."

🐨"එහෙනම් කමක් නෑ. කතා කරන්න පුලුවන්ද☺️...."

❤"ආ ඔව්. මේ කතා කරන්නේ... මන් කතා කරන්න දන්නවා😅..."

🐨"හෑහ්😳... අහ්... මන් මේ ඇහුවේ අපි දෙන්න පොඩ්ඩක් කතා කරමුද කියලා..."

ආශ් මොන මෝඩ කතාවක්ද මන් අර කලින් කිව්වේ🤦‍♀️. ශික් විතරක්. මන් නම් මහ මොඩියක්..... විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ....

මම හා කියන්න ඔළුව වැනුවා. ඊට පස්සේ මම දේදුනුයි සේජයි දිහාවට හැරිලා යන්න කියලා සන් කරලා නම්ජුන් ඔප්පගේ පස්සෙන් ගියා.

අපි කැන්ටින් එකක් වගේ එකක් ගාව තමයි නැවතුනේ. එයා ගිහින් එක මේසෙකින් ඉඩගත්තම මම එයාගේ ඉස්සරහින් ඉදගත්තා. ටික වෙලාවක් යනකම් නම්ජුන් ඔප්පා මුකුත් කිව්වේ නෑ. මන් දිහා එයා අමුතුවට බලන් හිටපු නිසා මන් කතා කරන්න හිතුව.

❤"ඔප්පා... අහ් අනී... සොන්බේ.... මොකද මට‍ කතා කලේ කියලා දැනගන්න පුලුවන්ද😅..."

Pink Hearts (Completed)Where stories live. Discover now