එයා ගාව තිබ්බෙ මහ අමුතුම ජාතියෙ රස්නයක්. ඒ උණුහුමට මගේ ඇස් තදට පියවෙනවා. හැමදෙයක්ම අමතක වෙලා එයාගෙන් මගෙ මුළු ලෝකෙම පිරිලා ඉතිරිලා යනවා. මං මේ දැනෙන හැඟීමට ආසයි බං.මට උඹට කෑගහලා කියන්න ඕනේ, "සියත්මා...මං උඹට මේ ලෝකෙ තියෙන හැම දේකටම වඩා ආදරෙයි" කියලා.