01

118 9 5
                                    

"බබා...නැගිටින්න අපි ආවා."

"බබා....." මං උඩ ගිහින් ඇහැරුණා. එයාපොඩ් දෙකේ සද්දෙටත් වැඩියෙන් අම්මගේ කෑගැහිල්ල මට ඇහුණා.

"ගලෝපන් ඔය ඇබ දෙක කොයිවෙලේ බැලුවත් කනේ ගහගත්ත ගමන් අපි බීරොන්ට කතා කරනවා වගේ කතා කරන්නෝනෙ මෙතන..."

"ගන්නවා අර බෑග් දෙක ඉක්මනට...මං මෙහෙ පැලවෙන්න ආවෙ නෑ..."

"ඉතින් අනේ මට බයින්නෙ අම්මටමනෙ එන්න ඕනෙ කිව්වේ..." මං සූට්කේස් දෙකම එලියෙන් තියලා කාර් එකෙ දොර දඩස් ගාලා වැහුවා. ඇයි මගුල...

"ඔව් ඉතින් උඹ මොන තූත්තුකුඩියෙ යයිද කියලා කව්ද දන්නෙ...කට වහගෙන එනවා " අම්මා කී එක බෑග් එකට දාගෙන කන්ද උඩහට වෙන්න තිබ්බ ගේ දිහාවට ගියා.

මේ හෝමගම අපේ නැන්දලගෙ ගෙදර. ඉතකොට අපි නුවර. අපි කිව්වෙ අම්මයි මායි. මං කලින් ගියෙ මහමායා එකට. ඒත් ඒලෙවල් වලට මෙහෙ ඉස්කෝලයක් සෙට් වුණ නිසා අම්මට ඕනෙ වුණා මාව නැන්දලගෙ ගෙදර නතර කරන්න. අම්මා කියන දේ අහන හොඳ පුතාගෙ චරිතය රඟපාපු මට ඒකට පිටින් යන්න බැරිවුණා. අඩුමගාණෙ මං තනියෙන් මෙහෙ එන්නන් කිව්ව එකටවත්... තෝ කොලඹ යනවා කියලා යාපනේ යයිද කව්ද දන්නෙ වගේ දාහක් දේවල් කියලා අම්මටම ඕනෙ වුණා මාව මෙහෙට ඇරලවන්න.

අපෙ නැන්දා ඇවිල්ලා මහ අමුතු චරිතයක්. ඒත් මට ඩයල් එකව පොඩි කාලෙන් පස්සෙ හරියට සෙට් වෙලාම නෑ හැබැයි. නැන්දා...ඒ කිව්වෙ අපේ තාත්තගෙ අක්කා වැඩිය කාත් එක්කවත් කතාවක් නැති මහ අමුතු මුස්පේන්තු ගතියක් තියෙන කෙනෙක්.මුස්පේන්තුව දරාගන්නම බැරුවද කොහෙදෝ මාමත් උන්දැව ඩිවෝස් කලා දැන් අවුරුදු ගාණකට උඩදි. පෞ...

නැන්දගෙ එකම පුත්‍ර රත්නය ලෙක්චර් කෙනෙක්. පොරත් ලඟදි බැන්ඳද කොහෙද...ලඟදි කිව්වට දැන් අවුරුදු දෙකක් විතර මගෙ හිතෙ. ඒ අක්කව මං ජීවිතේට දැකලා නෑ... පෞල් ප්‍රශ්න නිසා මුන්දැලා තරහා වෙලා වෙඩිමට ගියෙත් නෑනෙ...එහෙව් මිනිස්සු තමා මාව මෙහෙට තොලොංචි කරලා පැනලා යන්න හදන්නෙ...

මෙහෙ ගෙදර තිබුණෙ ටිකක් කන්දක් උඩහට වෙන්න. අම්මා කා එක පල්ලෙහා නතර කරපු නිසා මට වුණේ සූට්කේස් දෙකත් දක්කගෙන කඳු බඩගාන්න.ආයෙමත් කැමිලාගෙ සෝන්ග් එකට බැක් වෙලා චිල් එකෙ කන්ද බඩගාපු මට ඉබේම වාව් කියලා කියවුණේ මෙහෙ අහස දැකලා...ඒ විව් එක කන්ද උඩ නිසා මාරම ලස්සනට පෙණුනා. මට වටයක් කැරකිලා වටපිට බලන්න හදද්දි නැන්දා ගේට් එක අරිනවා මං දැක්කා.අම්මා මං දිහා බලලා ඇස් වලින් රවද්දි මං සනිකව සෝන්ග් එක පෝස් කරලා පෘථිවි වර්ගයේ ලස්සන හිනාවක් මූණට ගත්තා.

ශ්වේත (GL) Where stories live. Discover now