කඳුකර මිටියාවතක සිනිඳු තණකොළ ගොල්ලක් උඩ උඹටයි මටයි තනි වෙන්නට තිබුනානම්... ක්ෂිතජයේ ඉර හැන්ගෙන තැඹිලි පාට හැන්දෑවක දෑත් පටලාගෙන උඹටයි මටයි මුහුදු වෙරළක ඇවිදින්නට තිබුනානම්... ඒ පාලම උඩදී ආයෙත් වරක් උඹටයි මටයි හමුවෙන්නට තිබුනානම්... මගේ හදවතේ උඹ වෙනුවෙන් දෝරෙ ගලන ආදරය ලෝකයට මානසික රෝගයක් නොවී හුදෙක් එක ආදරයක්ම විතරක් උනානම්...