"Because, you are with me.." හොබී දිහාට හැරිල තොල් දෙකත් උල් කරගෙන කියනකොට වේගයත් එක්ක පාලනය කරගන්න බැරිවුණ බයිසිකලය තත්පර දෙකක් ඇතුලත පාර අයිනෙ ගැට්ටක වැදිල පෙරලුණා. ඒත් තත්පරේකටත් අඩු කාලයකදී එතනට ළං වුණ හොබී, තමන්ගෙ කඩිසර ශක්තිමත් අත සුකීනගෙ බඳවටේ යවල පරිස්සමට තමන් ළඟට ඇදල ගත්තෙ ඇස් පිල්ලමක් ගහන පරක්කුවට. වැටෙන්න ගියා කියලා ගානක්වත් නැතුව තවමත් නොමැකුණ හිනාවත් එක්ක හොබීගෙ අතේ හිරවුණ කෙල්ල හිටියෙ හරියට පුංචි බබෙක් වගේ අත පය අකුලගෙන. "දැක්කද.. ඒකනෙ මං කිව්වෙ, මගෙ හොබී කොල්ල ඉන්නකන් මට මොනවත් වෙන්නෑ.." "වෙන්නෑ තමයි. මට අල්ලගන්න බැරි වුණානම් එහෙම දෙන්නටම වෙන්නෙ බිම ඉඳගෙන ඔයාගෙ දත් ටික ගණන් කර කර ඇහිඳින්න" "එහෙම වෙන්නෑ, මෙච්චර දක්ෂ ඩාන්සර් කෙනෙක්ගෙ ටයිමින් වරදින්නෑ.. අනික මං දන්නව ඔයා මාව බේරගන්නව කොහොම හරි" 😘😘😘😘
17 parts