𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ]...

By sooyun13

25.3K 6.1K 843

VAMPIRE 🧛 - ꜱᴜɢᴀ More

1.HALLOWEEN PARTY | 🎃
3.KISS | 💋
4.LECTURER | 👨🏻‍💼
SPECIAL CHAPTER | 🧛🏻
5.GUESTS | 👥
6.HOUSE HUSBAND | 🏠👨🏻‍💼
7.BESTIE | 🐺
8.STRANGER | 👱🏻
9.MARRIED COUPLE | 💍
10.FAMILY | 👨‍👩‍👧
11.FIGHT | ☠️
12.PROMISE | 🍀
13.SECRET | ✨️
14.ROYALISTS | 👑️
15.TRUE LOVE | 🥀
16.????? | ❓
17. NO MORE SECRETS | 🎗️
18. END | ✅
19. LOVE IS NOT OVER | 💫
20. THE END | 💌

2.WEDDING | 👰

1.4K 315 23
By sooyun13

පුංචි කාලේ ඔම්මයි අප්පයි වැඩට ගියාම මාව බලා ගත්තේ අත්තම්මා. අත්තම්මා කිව්වට එයා අපේ ගෙදර වැඩ කරන කෙනා. එයාගේ නෑදෑ කමක් තිබ්බෙනම් නෑ. හැබැයි අපි අතර ලොකු බැඳීමක් තිබ්බේ මගේ ජීවිතේට සමීප උන එකම කෙනා එයා නිසා.

මට අවුරුදු 17ක් ලබද්දි එයා අපි අතරින් සමු ගත්තේ හදිසියේ ඇතිවුන පපුවේ අමාරුවක් නිසා.මට එයාව ගොඩක් වටිනවා. එයා කියලා දීපු දේවල් නිසා තමයි මට තනියම මෙහෙම ඉන්නත් ශක්තියක් උනේ.

අවුරුදු 8කට කලින් halloween දවසක...

මට අවුරුදු 13ක් වෙද්දි වැඩිවියට පත් උනාට පස්සේ මට ගෙදරින් ලැබෙන නිදහස නැති උනා. ආත්තම්මා හැම රෑකම මට එක කතාවක් කියලා දුන්නා. 

ඔක්තෝම්බර් මාසේ halloween දවසක, මට අම්මලා යාලුවෝ එක්ක එළියට යන්න දෙන්නේ නෑ කියන එකනම් මං දන්නවා. හොඳ වෙලාවට මට යාලුවො හිටියෙත් නෑ.

අත්තම්මා ගාවට දුවගෙන ගියේ වෙනදා වගේම රස කතාවක් අහන්න බලාපොරොත්තුවෙන්.

"ආත්තම්මේ ! මට අම්මලා එළියට යන්න දෙන එකක් නෑනේද?"

"මගේ දුවට ආදරේටනේ අම්මලා එහෙම කරන්නේ"

"තවත් බොරු අහන්න ඕන නෑ. මං දැන් ලොකු ළමයෙක්. මට මේ හැමදේම තේරෙනවා"

"මං එහෙනම් කතාවක් කියලා දෙන්නද හිත හැදෙන්නත් එක්කම"

"මගේ සුදු අත්තම්මා කියන ඕනම දෙයක් මං අහනවා"

"ඔන්න මේක පටන් ගන්නේ ඔයාගේ වයසෙම පුංචි ගෑනු ළමයෙක්ගෙන්.
Halloween දවසක ඒ කියන්නේ අද වගේ දවසක රෑට අඳුරේ කුමාරයා එයාගේ සේවකයෝ දම්මලා පිරිසිදු ගෑනු ළමයෙක් හොයනවලු"

"ඒ මොකටද? පිරිසිදු ගෑනු ළමයෙක් කියන්නේ කවුද?"

"ඒ කුමාරයට විවාහ වෙන්නනේ.
තව ඒ ගෑනු ළමයව ලස්සන මනාලියක් වගේ සරසවලා කුමාරයාගේ මාළිගාවේ ප්‍රධාන බිසව වගේම කුමාරයාගේ නිත්‍ය භාර්‍යාව කරගන්නවලු."

"ආත්තම්මේ ! එතකොට මාවත් කවදහරි ඒ වගේ කුමාරයෙක් අරං යයිද?"

"නෑ නෑ. මගේ මේ සුරංගනාවිව අරං යන්නේ අශ්වයාගේ පිටින් දිව්‍යලෝකේන් එන ලස්සන කුමාරයෙක්"

"කවදටද ඒ අත්තම්මේ ?"

"මගේ පුංචි දූ ලොකු වෙලා, ඉගෙන ගෙන, ලස්සන උනාම"

මේ කතාව මට සිහියට නැගුනේ අර සුදු මැලි මනුස්සයාගේ කතාව නිසා.

" ස්වාමියා ඔබ එනතුරු බලා සිටිනවා උත්තමාවියනි ! "

එයා මාව ඇඳගෙන ගියේ මාලිගාවේ දොරටුව ගාවට

"මෙතනින් එහාට මට අවසර නෑ. ඔබ ගොස් අපේ ස්වාමියාව විවාහ කරගන්න. නැතහොත් මරණය නියතයි"

සොම්බි සේවකයා එහෙම කියන ගමන් අතුරුදහන් උනා.

උගුරෙන් පල්ලෙහාට ගිලුණ කෙල රොද මගේ පපුව පසාරු කරගෙන යන්න වගේ දැනුනේ බයටම සීතල උන මගේ දෙතොල් වෙව්ලමින්.

හෙමින් හෙමින් අඩිය තිබ්බේ ඇතුළට. හිතාගන්නවත් බැරි තරම් මෙතන අමුත්තක් දැනුනා. හරිම නිසොල්මන්. ඒත් ලස්සනයි.

මොහොතකින් ඇහුන සපත්තු අඩි සද්දේ එක්කම මං බලුවේ පඩිපෙළ දිගේ පහළට එන ලෝගුවකින් වැසුන ඒ මනුස්සයා දිහා.

"මං තමුන්ව බඳීවි කියලා හිතුවද?" මං හයියෙන් කෑ ගැහුවා.

"ඔයා කට පොඩ්ඩක් පියාගෙන හිටියොත් හොඳයි."

"කුමාරයට ගරු කරලා කතා කරනවා"

මට ඒ අතරින් ඇහුනේ හේසොන්ගේ කටහඬ. එවලෙම එතනට හේසොන් ඇතුළු ගොඩක් අය ආවා. party එකේ හිටිය හැමෝම වගේම හිටියා.

"හේසොන් ඔයාට මම කියන දේ ඇහෙන්නේ නැද්ද?"

"හේසොන් අනේ මාව බේරගන්න."

මම එක එක්කෙනා ළඟට ගිහින් වැලදගත්තත් එයාලා ළඟින් දැනුනේ සීතලක් විතරයි. එයාලගේ නිසල ශරීරය ඔහේ සෙලවුනේ හුළඟට වගේ.

එයාලා ඔක්කොම zombie සේවකයෝ වෙලා.

මගේ ගාවට ආපු තව කෙනෙක් මගේ අත් දෙකෙන් හයියෙන් අල්ලගෙන මාව නතර කරන්න උත්සාහ කරේ තව කෙනෙක්ව බඳාගන්න කලින්

"ඔතනින් අයින් වෙන්න. එයා දැන් මගේ. මට පුලුවන් එයාව බලාගන්න"

ලෝගුව අයින් කරන ගමන් පඩිපෙළ දිගේ බැහැපු මනුස්සයා මගේ ළඟට ආවා. මං දුවන්න හැදුවත් මගේ මුලු ඇඟම ගල් වෙලා වගේ දැනුනා.

එයා ලෝගුව අයින් කරනවත් එක්කම මම දැක්කේ සුදුමැලි උන මනුස්සයෙක්ගේගේ මුහුණ. මෙයාව නේද මං කලිනුත් දැක්කේ?

"ඔයා?... මේ සෙල්ලම දැන් නවත්තන්න. Please, මං හැපුවට sorry ඔයා කරදර කරපු නිසයි ඒම කරේ "

මම මගේ ඇස් දෙක තදට පියාගෙන 'අනේ මේක හීනයක් වෙන්න' කියන ගමන් ආයේමත් ඇරියා.

නෑ මේක හීනයක් නෙමෙයි.

මං බලාගෙන හිටියේ කවදාහරි මගේ කුමාරයත් දිව්‍යලෝකේ ඉදලා මාව එක්කන් යන්න එයි කියලා. ඒත්...

රතු පළස මතින්, වටේම හැඩ කරලා තිබුණු  rose මල් අතරින්, සෙනඟ මැදින් මාව පොරුවට එක්කන් ගියා. මට තව අවස්ථාවක්වත් තීරණයක්වත් ගන්න ඉඩක් හම්බුනේ නෑ.

එයා මගේ ඇස් දිහා බැලුවේ හරි ආදරෙන්

"බය වෙන්න එපා. මට ඔයාට රිද්දන්න ඕන නෑ මගේ පණ"

රිද්දන්න නෙමෙයි මගේ මුළු ජීවිතේම දැන් ඉවරයි වගේ දැනුනේ. අනේ ඇයි මටම මේම උනේ. මේක හීනයක්ද?

" කුමාරයා කුමාරියව දැන් සිපගෙන සදහටම ඔබේ සහකාරිය බව සනාථ කරගන්න."

පූජ්කවරයෙක් වගේ සැරසුණු කෙනා කිව්වා.

-A/N

කතාව ටිකක් කම්මැලී වගේද? බය හිතෙන කතාවක් කිව්වට මේක ආදර කතාවක්නේ :-D

දිගටම Soomin p.o.v එකෙන් ලියන්නද?

නැත්තම් අපෙ මේ කලු කුමාරයාගේ පැත්තෙනුත් ඕනිද ? 🧛🏻‍♂️✨👰

ඔයාලට හිතාගන්න පුලුවන්ද මේ vampire prince කවුද කියලා.

1st day එක නිසා chapters දෙකක්ම ඔන්න රිලීස් කරා 🧸😂

Continue Reading

You'll Also Like

7.5K 198 30
ស្នេហាមួយដែលកើតចេញពីការជួបគ្នាដោយចៃដន្យហើយក៏កើតជាស្នេហាដែលស្រឡាញ់គ្នាស្ទើរលេប។ប៉ុន្តែមានថ្ងៃមួយពួកគេក៏មានរឿងយល់ច្រឡំនឹងគ្នាទើបធ្វើឲ្យមានការបែកបាក់ហើយ...
112K 4.9K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
18.1K 2.9K 23
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
25.3K 6.1K 21
VAMPIRE 🧛 - ꜱᴜɢᴀ